විදුලි ගාස්තුව සියයට 21.9කින් අඩු කරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා.

මාධ්‍ය හමුවකට එක්වෙමින්, එම සභාවේ සභාපති මංජුල ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ, අදාළ ගාස්තු සංශෝධනය අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක බවයි.

මහජන උපයෝගීතා කොමිසමේ ප්‍රතිපාදන වලට අනුව වසරකට දෙවතාවක් පමණක් විදුලි බිල ඉහල දැමිය හැකි අතර එම ප්‍රතිපාදන පිළිබඳව කිසිඳු තැකීමක් නොමැතිව වත්මන් රජය විසින් තෙවැනි වත්වටත් විදුලි බිල ඉහල දමන ලදි.

මේ ආකාරයට අත්තනෝමතික ලෙස විදුලි බිල ඉහල දැමීමත් සමග රටේ පවුල් ලක්ෂ 10ක පමණ විදුලිය මේ වන විට විසන්දි කර තිබෙන අතර විදුලි ගාස්තු ඉහල  දැමීමට එරෙහිව ජනතාව විසින් විරෝධතා දැක්වූ අවස්තාවන් හිදී එම විරෝධතා මර්ධනය කිරීමට වත්මන් රජය කටයුතු කළා.

මෙවැනි තත්වයක් යටතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විදුලි බිල වැඩි කිරීමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කල අතර එතුමා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේ රජය විදුලි බිල අඩු කරන්නේ නැත්නම් අධිකරණය මඟින් හෝ එය ඉටු කර ගැනීමට කටයුතු කරන බවයි.

දකුණු ආසියාවේ වැඩීම විදුලි බිල ගෙවන්නේ අපේ රටේ ජනතාව, ඡන්ද ගුණ්ඩු නොමැතිව වහාම ජනතාවට සහන දෙන්න (VIDEO)

රජය විදුලි බිල අඩු කරන්නේ නැත්නම් අධිකරණය මඟින් හරි අපි එය ඉටු කර ගන්නවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා (VIDEO)

බිලියන 52ක අධික ලාභයක් හැබැයි ලක්ෂ 8කගේ විදුලිය කපලා, ලංවීමටයි ඇමති කංචනටයි විරුද්ධව විපක්ෂ නායක සජිත් අධිකරණයට (VIDEO)