රටේ අදායම් වැඩිකර ගැනීමට ආණ්ඩුව දිගින් දිගටම බදු වැඩිකිරීම පමණක් ප්‍රතිපත්තියක් ලෙස ක්‍රියාත්මක කරන අතර අදායම් වැඩිකර ගැනීමට නම් ආයෝජන ශක්තිමත් කල යුතු බවත් අපනයන දිරිගැන්විය යුතු බවත් පසුගියදා 2023/11/22 දිවයින පුවත්පත සමග සිදුකල සංවාදයේදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පැවසීය.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ බිලියන 56ක් ව තිබූ රාජ්‍ය ණය ඩොලර් බිලියන 96ක් දක්වා වැඩිකරමින් සිය උවමනාවෙන්ම වත්මන් රජය මේ රට බංකොලොත් තත්වයට ඇද දමන බවයි.

මේ රට බංකොලොත් කල ආර්ථික ඝාතකයන්ට එරෙහිව පියවර ගැනීමට ජනාධිපති කොමිසමක් පත්කරන ලෙස ඉල්ලා සිටියත්, වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ එයට අසමත් වූ බවත් කෙසේ හෝ අධිකරණයෙන් එම ඝාතකයින් හෙළිදරව් කිරීම ඉතාමත් වැදගත් බවත් මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කළේය.

වැඩිදුරටත් කබීර් හෂීම් මහතා කියා සිටියේ අරගලයෙන් ජනතාව පාරට බැස ආණ්ඩුවට එරෙහිව විරෝධතා පවත්වා හිටපු ජනාධිපති එලවා දැමුවත් වත්මන් ආණ්ඩුව තවමත් එයින් පාඩමක් ඉගෙනගෙන නැති බවත් අරගලයේ අරමුණ වූ සිස්ටම් චේන්ජ් කිරීමට නම් වත්මන් රජය ඉවත් විය යුතු බවත්ය.

Kabir Hashim