විමද්යගත අයවැයෙන් හරහා මන්ත්රීවරුන්ට ලබාදෙන්නේ රනිල් වික්රමසිංහගේ පෞද්ගලික මුදල් නොව ජනතාව මිලදී ගන්න කිරිපිටි පැකට් එකෙන්, ඉන්ධන ලිටරයෙන් අයකරපු බදු මුදල් බව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා.
පාර්ලිමේන්තු සම්ප්රදායට අනුව සෑම මන්ත්රීවරයෙකුටම තමන්ගේ ප්රදේශයේ වැඩ කිරීම සඳහා ඉල්ලිම් අනුව විමද්යගත අයවැයෙන් මුදලක් ලබා දිය යුතු නමුත් රනිල් වික්රමසිංහ රාජපක්ෂ පාලනය විසින් ආණ්ඩුවේ පිරිසට පමණක් මුදල් ලබාදුන් බවත් පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදයට එරෙහි මෙම ක්රියාවලියට විරුද්ධව පාර්ලිමේන්තුව තුල සටන් කළ බවත් හර්ෂ ද සිල්වා මහතා මෙහිදී පැවසීය.
කිසිදු ආකාරයකට මේ මුදල් පුද්ගලයෙකුට හිමි නොවන අතර මන්ත්රීවරුන්ට මේවායින් කිසිදු වාසියක් නොමැති බවත්, ජනතා බදු මිදලින් ලබාගන්නා මෙම මුදල් නැවතත් ජනතාවගේ සුබසිද්ධිය උදෙසා යොදාගන්නා බවත් හර්ෂ ද සිල්වා මහතා මෙහිදී සඳහන් කරනවා.