ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් විෂය භාර අමාත්‍ය කංචන විජේස්කර මහතා ප්‍රකාශ කළේ, එම්.එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය තමන් භාර ගත් බව ය.

ඒ අනුව, ලංකා විදුලි බල මණ්ඩලයේ උපසභාපති නලින්ද ඉලංගකෝන් මහතා නව සභාපතිවරයා ලෙස කටයුතු කරනු ඇතැයි අමාත්‍යවරයා වැඩිදුරට ත් සඳහන් කර ඇත.