අද රටේ තත්ත්වය ඉතාම භයානකයි. වත්මන් රජය පම්පෝරි ගහලා බලයට පත් වුණත් අද වෙනකොට මේ රටේ තෙල් පෝලිම් වැඩි වෙලා. මා නියෝජනය කරන දිස්ත්‍රික්කයේ ෂෙඩ් වලට සුමාන දෙකකින් ඩීසල් ඇවිත් නැහැ. එවැනි තත්ත්වයක දී වර්තමාන විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා මේ රටට සලාක ක්‍රමයට තෙල් ලබා දෙන්න හදනවා. අපි විපක්ෂයක් හැටියට ජනතාවගෙන් අහන්නේ එය කොච්චර දුරට ප්‍රායෝගිකද කියලා . සලාක ක්‍රමයක් මගින් මේ රටේ ආර්ථිකය නැත්තටම නැති කරන්නද යන්නේ කියලා අමාත්‍යවරයාගෙන් අහනවා. මොකද මේ රටට ආර්ථිකය ඉස්සරහට යන්නනම් රටේ ජනතාවට ඉන්ධන අත්‍යවශ්‍යයි ඒක විසඳන්නේ නැතිව තෙල් සංස්ථාවේ පාඩුව, දූෂණය නැති කරන්නෙ නැතුව මේ වගේ විසඳුම් මගින් අපේ රටේ ජනතාවට තවත් පීඩනයක් ඇති කරනවා. තවත් මේ රටේ තෙල් හිගයක් ඇති කරන්න ද දඟලන්නේ. එනිසාම අමාත්‍යවරයාට කියනවා සලාක ක්‍රමය වෙනුවට අපේ රටට අවශ්‍ය තෙල් ලබා ගැනීමේ වැඩ පිළිවෙළක් සකස් කරන්න කියලා .

පාර්ලිමේන්තුවේ විවිධ මන්ත්‍රීවරුන් ප්‍රශ්න කරනකොට රුසියාවෙන් හෝ වෙනත් රටවල් වලින් තෙල් ගෙන්න ඉල්ලීමක් කරලා තියනවද කියලා එතුමාට හරියට උත්තරයක් දෙන්න බැරි වුණා. ඒ හින්දා ලෝකයේ තියෙනවා විවිධ ක්‍රම විවිධ පාර්ශ්ව විශාල ප්‍රමාණයක් තෙල් සපයන ඒ සියලු දෙනාටම කතා කරමු. අමාත්‍යවරයා විතරක් නෙමේ මේ රටේ අනෙකුත් නායකයෝ මැදිහත්වෙලා තෙල් ප්‍රශ්ණේ විසඳන්න කටයුතු කරන්න ඕන. මොකද ඒක විශාල බරපතළ කාරණයක් අපේ රටේ ආර්ථිකය ඉස්සරහට රඳා පවතින්න

ඒ වගේම අද විදුලිබල මණ්ඩලයට සිදු වෙලා තියෙන දේ බලන්න. අපි සියලු දෙනාම කතා කරන්නේ විදුලිබල මණ්ඩලයේ සභාපති තුමා කරපු ප්‍රකාශය ගැන. දැන් ඒක ඉන්දියාවේ මෝඩි අගමැතිතුමාටත් ප්‍රශ්නයක් වෙලා රාහුල් ගාන්ධි මේ වෙනකොට ප්‍රශ්න කරනවා ඒ වගේම එහි දේශපාලන නායකයෝ ප්‍රශ්නය කරනවා කොහොමද මේ ප්‍රශ්නය ලංකාවේ ඇති කරේ කියලා. එහිදී මගේ තර්කය වෙන්නේ අපි මේ සලාක ක්‍රමය වත් ,විදුලි බල මණ්ඩලයේ සභාපති ගේ ප්‍රකාශය වත් අල්ලගෙන ප්‍රවෘත්තියක් මවන එක නෙමෙයි. ඊට වඩා අපි ඉස්සරහට ගිහිල්ලා මේ රට කොහොමද ආර්ථික අර්බුදයෙන් බේරගන්නේ කියලා සැලැස්මක්ට සියලුදෙනාම එකඟ වෙන්න ඕන. විශේෂයෙන්ම අපි දකිනවා මේ රටේ විදුලිබල මණ්ඩලය තෙල් සංස්ථාව ශ්‍රී ලංකන් ගුවන් සේවාය වැනි ආයතන විශාල පාඩු ලබමින් තමයි සිදු වන්නේ. එම පාඩු ලබන ආයතන වලට අවශ්‍ය මුදල් දෙන්නේ මේ රටේ රජය. එහිදී කොහොමද මුදල් දෙන්නේ රජයේ සල්ලි තියෙනවද ?රජය කරන්නේ මුදල් අච්චු ගහලා පාඩු ලබන ආයතන වලට දෙනවා .එහිදී අපේ රුපියල කඩාගෙන වැටෙනවා .ඒකට විසඳුමක් කවුද හරියට මේ රටට ඉදිරිපත් කරලා තියෙන්නේ. අපි එක කොනක් අල්ලගෙන ප්‍රවෘත්ති යක පස්සේ දුවනවා හැම මන්ත්‍රීවරයා ඊට පස්සේ ඒ ගැන විතරයි කතා වෙන්නේ නමුත් මේ දශක ගාණක් මේ රටේ තියෙන ප්‍රශ්න ටික විසදෙන්නේ නැහැ .අන්තිමට විදුලිබල මණ්ඩලයේ සභාපතිගේ ප්‍රකාශයට වන්නේ අන්තිමට අපිට තියෙන අලුත් බලාගාරයක් නැතුව යනවා .අපි දැක්කා පහුගිය පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සියලුම පාර්ශව ඉල්ලනකොට කමක් නෑ මෙගාවොට් දහයට අඩුව ටෙන්ඩර් ක්‍රමයෙන් බැහැරව කරන්න කියලා නමුත් ටෙන්ඩර් ක්‍රමය විශාල බලාගාර වලට ක්‍රියාත්මක කරන්න කියන කොටත් ආණ්ඩුව තනි තීරණයක් අරගෙන තමන්ගේ පාර්ලිමේන්තුවේ බලය පාවිච්චි කරලා එකේ ක්‍රියාත්මක කරන්න එදා කටයුතු කළා. ඒ වගේම එහෙම කරලා මේ විදුලි බල මණ්ඩලයේ සභාපති ගේ ප්‍රකාශනය මගින් රටේ ජනතාවට බරපතල ප්‍රකාශනයක් මතයක් ගෙනිච්චා මේ රටේ විදුලි බලාගාර දූෂණ අයුරින් ඩීල් වලින් තමයි ගොඩ නැගෙන්නේ කියලා. දැන් වෙනකොට ඒ බරපතළ ප්‍රශ්නය නිසා අපේ රටට හරි ආයෝජකයෙක් එයිද? එසේ ඇවිත් අපේ විදුලිබල ක්ෂේත්‍රයේ ආයෝජනය කරන්නට කවුරුත් සැරසෙයි ද කියන බරපතල ප්‍රශ්න තියෙනවා එහෙම ආයෝජකයෝ එන්නේ නෑ කියන්නේ එන ආයෝජක විතරක් මේ රටේ විශාල මුදලට අපිට විදුලිය බලය විකුණන්න කටයුතු කරනවා .ඒ නිසා තමයි අපි කියන්නේ මේ රටේ මම කියපු ඒ ආයතන වලට ඒ වගේම මේ රටේ දැන් ඉන්නව රාජ්‍ය සේවය මම හිතන්නේ ජනගහනය ගත්තොත් ලෝකයේ වැඩිපුරම රාජ්‍ය සේවකයන් ඉන්න රටක් බවට ඉතිහාසය පුරාම පත්වෙලා තියෙනවා මේ වගේ අපේ රට ඇතුලේ තියෙන ප්‍රශ්න ටික විසඳන්නට කටයුතු කරන්නේ නැත්නම් මේ රටේ නායකයෝ ඒ පිළිබඳව අවධානය යොමු කරන්නේ නැත්නම් ඒ ප්‍රශ්න විසඳන්නට නායකයෝ බය නම් තමන්ගේ ඡන්දය නැති වෙයි කියලා මම හිතන්නේ අපට රටක් විදියට මේ අර්බුදයෙන් ලේසියෙන් ගොඩ එන්න බෑ. මොකද දැන් වෙනකොට අපි දකිනවා ජපානය නිහඬයි. චීනය අපි දැක්කා දැන් වෙනකොට ණය දෙන්න යම් ප්‍රමාණයක් ප්‍රතික්ෂේප කරලා. රුසියාවේ ගුවන් යානා සිද්ධිය නිසා දැන් වෙනකොට සංචාරකයෝ සම්බන්ධතාවය කොහේ තියෙනව ද කියල දන්නේ නෑ. ඉන්දියාව අපිට උදව් කර කර හිටිය අදානි සිද්ධිය හින්දා මෝදී අගමැතිවරයාට කොයිතරම් ඉස්සරහට උදව් කරන්න පුළුවන් වෙයිද දන්නේ නෑ.

මේ වෙනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තදින්ම ඉන්නවා අපේ රටේ මේ ප්‍රතිසංස්කරණය සිදු වෙන්නේ නැත්නම් තමන්ට ඒ වියදම් අඩු කරගන්න බැරිනම් තව ණයක් දෙන්නේ ඇයි කියලා ඒගොල්ලෝ ප්‍රශ්න කරනවා. මං හිතන්නේ අපිට මේ රටේ අපේ ආර්ථික අර්බුදය ගැන පාර්ලිමේන්තු ඇතුලේ සියලුම පක්ෂය සහභාගි කරමින් බරපතළ තීන්දු ගන්නට දැන් අවස්ථාවක් උදාවෙලා තියෙනවා. අපි දකිනවා එක එක් ඇමතිවරු ඒගොල්ලන්ගෙ අමාත්‍යාංශවල වැඩ පටන් අරගෙන තියනවා. නිමල් සිරිපාල සිල්වා ඇමැතිවරයා මත්තල ගිහිල්ලා ගුවන්තොටුපල බැලුවා දැන් එතුමා මත්තල එයාර්පෝර්ට් එකේ තියෙන ප්‍රශ්න දිහා බැලුවා මොකක්ද ඒ සල්ලි පුච්චන එකට තියන විසඳුම මොකක්ද අපිට ආරංචි වෙලා තියෙනවා දවසගානේ බස්වලින් කොළඹ ඉඳලා සේවකයොත් එනවලු නමුත් සංචාරකයෝ නෑ එහෙම උනාම යම්කිසි වැඩපිළිවෙළක් තියෙන්න ඕන මේ තියන වියදම් අඩු කරන්න.නැත්නම් වෙන්නේ නිමල් සිරිපාල ඇමතිතුමා නෙමෙයි මේ රටේ ජනතාවගේ ඒ තියෙන සල්ලි අච්චු ගහලා තමයි ආයෙත් මේවා පියවන්න වෙන්නේ ඒ හින්දා අපි කියනවා මේ රටේ ඉතිහාසයේ මේවට විසඳුම් යම් ප්‍රමාණයක් දෙන්න පුළුවන් වුණා . ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයෙත් මේ වගේම ප්‍රශ්න තිබුණද ටෙලිෆෝන් එකක් ගන්න ගියාම අවුරුදු ගාණක් මේ ලයිස්තුව ඉන්න ඕන ඇතැම් වෙලාවට අමාත්‍යවරයාගේ ලියුමකුත් ඕන වුණා නමුත් ඒක ප්‍රතිව්‍යුහගත කරා ජපානය සමග එකතුවෙලා ඒ අවශ්‍ය ප්‍රාග්ධනය අවශ්‍ය සිස්ටම් චේනජ් එක ශ්‍රී ලංකා ටෙලිකොම් එකට කරා එහෙම කරානම් ශ්‍රී ලංකා ටෙලිකොම් දුරකථන ක්ෂේත්‍රය අපේ රටේ අනෙකුත් පෞද්ගලික ආයතන ඇවිල්ලා අද වෙනකොට මේ රටේ ජනගහනයට වඩා ටෙලිෆොන් තියෙන රටක් බවට පරිවර්තනය කළා එය telefono වලින් අපිට ආර්ථිකයට විශාල ගමනක් යන්න පුළුවන් වුණා. අපිට ඇයි තෙල් සංස්ථාව ඒක කරන්න බැරි. දැන් වෙනකොට බණ්ඩාරනායක ගුවන් තොටුපලේ ගෙන ගුවන් යානා වලටත් හරියට තෙප් දෙන්න බැහැ ඒ ගුවන්යානා වලට කියනවා full tank ගහගෙන එන්න කියලා එතකොට එයිද ලංකාවට දැන් වෙනකොට ගුවන් සමාගම් විශාල ප්‍රමාණයක් ලංකාවට එන්න ප්‍රතික්ෂේප කරලා . අපි වහාම කියනවා මේ විදුලි බල මණ්ඩලය සහ තෙල් සංස්ථාව ගැන ඒ වගේම ශ්‍රී ලංකන් ගුවන් සේවය බරපතල තීන්දු තීරණ ගන්න කාලය හරි. අපි හිතනවා මේකට ප්‍රමාදය තියෙන්නෙ අග්‍රාමාත්‍යවරයාට තියෙන්නෙ එක ආර්ථික සැලැස්මක් ජනාධිපතිට තියෙන්නෙ වෙන ආර්ථික දැක්මක් අනෙකුත් ඇමතිවරුන්ට තියෙන්නේ වෙනත් ආර්ථික දැක්මක් කොහොමද මේ විවිධ ආර්ථික දැක්මක් තුළින් ප්‍රශ්න විසඳන්නේ එහෙම වෙන්නැති බව තමයි ආණ්ඩුව ඇතුළේ බරපතළ ප්‍රශ්නයක් තියෙනවා කියලා අපට පේනවා. ඒ බරපතළ ආර්ථික දර්ශනය පිළිබඳව ආණ්ඩුව ඇතුළේ ප්‍රශ්නය නිසා අද වෙනකොට ජනතාවගේ ප්‍රශ්න විසඳෙන්නේ නැති බව අපිට හොඳට පැහැදිලි. ඒ හින්දා අපි කියනවා ඉස්සෙල්ලම ආණ්ඩුව ඇතුළේ ආර්ථික දර්ශනය හරියට එකගතාවයකට එන්න . එසේ නැතිව IMF එක වුනත් ජපානය ,චීනය, සෞදි ආරාබිය වුණත් අපිට උදව් කරන්න එකග වෙන්නේ නැහැ .රුපියල කඩා වැටෙනවා .ජීවන වියදම ඉහල යනවා අවසානෙට රස්සාවට එනවිට තෙල් ගහන්න ඕන වෙයි මුළු පඩියම උදේ ඇවිත් හවස ගෙදර යන්න ඒ වගේ රටක්ද අපි මේ නිර්මාණය කරන්නේ ඒ නිසා අපි එකේ පැලැස්තර විසඳුම් ගැන අවධානය යොමු කරන්නෙ නැතුව අපේ රටේ තියෙන මේ බරපතළ ප්‍රශ්න ටිකට මුහුණ දෙන්න ඕන ඒ වගේම අපි කොහොමද අපි රජය තියෙන වියදම් තවත් අවම කරගෙන කොහොමද මේ ප්‍රශ්නයට මුහුණ දෙන්නෙ කියලා අපි අවධානය යොමු කරන්න ඕන.

අපි දැක්කා පහුගිය දා කපුටා ගියා ඒ වෙනුවට ගිජු ලිහිණියෙක් අහසේ සැරිසරනවා ගිජුලිහිණියා මොන විදිහට අපේ ආර්ථිකය කඩා බිඳ දමමින් විනාශ කරයිද දන්නේ නැහැ. කපුටා නම් ජරාවක් කාලා මාරු වෙලා යනවා නමුත් ගිජුලිහිණියා කියන්නේ ඊටත් වඩා භයානක සතෙක් ගිජු ලිහිණියාට අහුවුනොත් තමන්ගේ මල කුණවත් ඉතුරු වෙන්නේ නෑ ඒ හින්දා ගිජුලිහිණියා ගැනත් අපි අවධානයෙන් ඉන්නවා කියලා රජයට අනතුරු අඟවනවා මොකද ගිජු ලිහිණියාට මේ රටේ ආර්ථික මරමස්ථාන මේ රටේ ආර්ථිකයේ ප්‍රධාන වගකීමක් බාර දීමට දැන් වෙනකොට සියලුම සංවිධාන වැඩ කටයුතු කරලා තියෙන්නේ ගිජු ලිහිණියා අපේ රටේ ඇතුලේ මොන විනාශයක් කරනවද කියලා නිරීක්ෂණය කරන්න ඕන එසේ කරලා අපේ රටට හානියක් කරනවා නම් ගිජු ලිහිණියා වත් පන්නා දැමීමට අපි කටයුතු කරනවා කියලා මතක් කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා