පවත්වන ඕනෑම මැතිවරණයට මුහුණ දීමට සමගි ජනබලවේගය සුදානමින් සිටින බවත් සමගි ජනබලවේගයේ ආසන සංවිධායකවරු ඇතුළු සියලු දෙනා මේ වන විටත් මැතිවරණයට සුදානම් වෙමින් සිටින්න බවත් මයන්ත දිසානායක මහතා පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා මේ බව කියා සිටයේ අද (01) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට  සභභාගි වෙමින්.

එතුමා වැඩිදුරටත් කියා සිටින්නේ මේ වන විට පැහැදිලි ප්‍රතිපත්තියක් තිබෙන, රටේ ආර්ථිකය මෙහෙයවන්න පුලුවන් කණ්ඩායම සිටින්නේ සමගි ජනබලවේගය සතුව බවත් රට 21 වැනි ශතවර්ශයට ගමන් කරන්න හැකි වන ආකාරයේ නායකත්වයක් දෙන්න පුලුවන් වන්නේ සමගි ජනබලවේග කණ්ඩායමට පමණක් බවත් රැලි වලට නොරැවටී රටේ ජනතාව අනිවාර්යෙන් මේවර බුද්ධිමත් තීරණයක් ගනු ඇති බවත්ය.