නීති විරෝධි කටයුතුවලින් ව්‍යුත්පන්න වූ බවට සාධාරණ ලෙස සැක කරනු ලබන දේපළ තහනමට ගැනීම, රාජසන්තක කිරිම, අහිමි කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා ද ඊට සම්බන්ධ කාරණා සඳහා ද විස්තීර්ණ විධිවිධාන සැලැස්වීම පිණිස වු පනත් කෙටුම්පතක් කතානායකවරයාට බාර දීමට අද සමගි ජන බලවේගය කටයුතු කළේය.

මේ අවස්ථාවට සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර, මහාචාර්ය ජී. ඇල්. පීරිස්, පා.ම. අශෝක අබේසිංහ යනාදීන් සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය නියෝජනය කරමින් එක්විය.

සොරකම් කළ වත්කම් ප්‍රතිසාධන පනත් කෙටුම්පත