පසුගියදා නියෝජ්‍ය කතානායකවරයා තෝරා පත් කර ගැනිමේ දී පාර්ලිමේන්තුවේ අර්බුදයක් තිබුණු බවත් පොදුජන පෙරමුණේ කැමත්ත අනුව තෝරා පත් කරගන්න කතානායක වරයෙක්ට ජනතා කැමැත්ත නොමැති බව ස්වාධීන කණ්ඩායමට සමගි ජන බලවේගය පැවසූවත් එය පිළිනොගෙන කටයුතු කළ බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි .

ඔහු කියා සිටියේය එම නිස සමගි ජන බලවේගයෙන් ඉම්තියාස් බාකීර් මාකාර් මහතාගේ නම යෝජනා කළ බවයි.

පැය 48ක් යාමටත් පෙර නියෝජ්‍ය කතානායකවරයාට නැවතත් තේරි පත්වු රංජිත් සියබලාපිටිය මහතා ඉල්ලා අස් වී ඇති බවත් එයට හේතුව වී ඇත්තේ ජනතාවගේ අප්‍රසාදය බව පවසමින් රංජිත් සියබලාපිටිය මහතා ජනාධිපතිවරයාට ලිපියක් ලියා ඇති බවත් සමගි ජන බලවේගය ඉම්තියාස් බාකීර් මාකාර් මහතා ඉදිරිපත් කිරීමට ගත් තිරණය නිවරදි තිරණයක් බව මන්ත්‍රීවරයා පැවසීය

තව දුරටත් කියා සිටියේ පොදුජන පෙරමුණ සමග සමගි ජන බලවේගය කිසිම ගණුදෙනුවක් නොකරන බවත් රංජිත් සියබලාපිටිය මහතා ඉවත් විම මත කවුද ඩීල් ගැසුවේ යන්න මුලු රටම දන්නා බව ද, මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා කියා සිටියේය .

විමල් වීරවංශ මහතා ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කරවීමට විවිධ බොරු පැවසූ බවත් ඒවායේ ප්‍රතිඵලය වී ඇත්තේ වර්තමානයේ රටම විනාශ වීම බව මන්ත්‍රීවරයා පැවසීය .

සටහන – CJ