රාජ්‍ය සේවකයින් ලක්ෂ 14ක් අතරින් 704,121 පමණ රාජ්‍ය සේවකයින් ප්‍රමානයක් තැපැල් ඡන්දය භාවිතා කළ අතර එම රාජ්‍ය සේවකයින් ගෙන් 389,797 වූ සාතිශ්‍ය බහුතරයක් තම ඡන්දය භාවිතා කළේ අනුර කුමාර දිසානායක මහතා ගේ ජයග්‍රහනය වෙනුවෙන් ය. එහි ප්‍රතිශත අගය 56.69% ක් ය. ඉතිරි ලක්ෂ 7ක රාජ්‍ය සේවක ඡන්දයෙන් සාතිශ්‍ය බහුතරයක ඡන්දය ද එලෙසම අනුර කුමාර දිසානායක මහතාට ලැබුණාට සැක නැත. ඒ අනුව වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජයග්‍රහනයේ ප්‍රධාන කොටස්කරුවෙක් ලෙස රාජ්‍ය සේවකයින් නම් කළ හැකිය. මැතිවරණ ප්‍රථිපල නිකුත් වෙන විට බොහෝ දෙනෙක් මාලිමා ලෝලීන් ප්‍රකාශ කළේ තැපැලෙන් වැදෙමින් ඇති බවය.
අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ලෙස පත්වී මසකට ආසන්න කාලයක් ගෙවී ඇත. ඒ අනුව දැන් බොහෝ දෙනෙක් ප්‍රශ්න කරමින් ඉන්නේ රාජ්‍ය සේවකයන්ට සලකන්නේ නැද්ද යන්න යි. අඩුම රනිල් වික්‍රමසිංහ මහතා දෙන්නට තීරණය කර තිබුණ වැටුප් වැඩි කිරීම හෝ ලබාදෙන්නට කටයුතු කළ යුතු බව එම පිරිසගේ මතයයි. එහෙත් ආණ්ඩුව පාර්ශවයෙන් කියවෙන්නේ එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා ශක්තිමත් මාලිමා රජයක් පිහිටුවන තෙක් වැටුප් වැඩි කිරීම වැනි ජනතා ඉල්ලීම් කිසිවක් ඉටුකිරීමට නොහැකි බවයි.
ඉහළ යන ජීවන වියදමත් සමග රාජ්‍ය සේවක වැටුප් වැඩි කළ යුතු යැයි රාජ්‍ය සේවකයින් උද්ඝෝෂණය කළ අතර එයට නායකත්වය ලබාදුන්නේ ජවිපේ කම්කරු සමිති නායකයන් ය. ඉහළ යන උද්ඝෝෂණ සහ ඉල්ලීම්වලට ප්‍රතිචාර වශයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උදය ආර් සෙනෙවිරත්න කමිටුව පත් කළේ රාජ්‍ය මූල්‍ය තත්ත්වය හා සලකා බලා පඩි වැඩි කරන්නට පුළුවන් ද පුළුවන්න නම් ඒ කුමන ප්‍රමානවලින් ද යන්න නීර්ණය කරන්න ටය. ඒ අනුව මාස තුනකට වඩා වැඩි කාලයක් ගනිමින් එම කමිටුව වාර්තාවක් සකස් කළ අතර එම වාර්තාවෙන් කියවුණේ එවක රට තුළ පැවති මූල්‍ය තත්ත්වය සමග රාජ්‍ය සේවකයන් හට වැටුප් වැඩි කිරීමක් ලබාදිය හැකි බවය.
ඒ අනුව අවම වැටුප රුපියල් 25000කින් වැඩි කිරීමට එවක ජනාධිපතිවරයා තීරණය කළ අතර එම තීරණයට අනුමැතිය ගැනීම සඳහා කැබිනට් සංදේශයක් ඉදිරිපත් කර තිබුණි. එම කැබිනට් සංදේශයට අනුමැතිය හිමිව තිබුණ අතර ඒ අනුව 2025 ජනවාරි මාසයේ සිට මෙම වැටුප් වැඩි කිරීම ක්‍රියාත්මක කිරීමට සියල්ල සැලසුම් කර ඇති බව කියවුණි. ඒ ජනාධිපතිවරණ සටන අතර තුර කාලයේ ය. මෙය ඡන්ද පොරොන්දුවක් පමණක් බව එවක මාලිමා නායකයන්ගේ මතය විය. එහෙත් රජයේ එවක මතය මෙන්ම දැන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මතය ද වන්නේ මෙම වැටුප් වැඩි කිරීම සඳහා අවශ්‍ය සියළු දේ තමන් කර තිබූ බවය. ඒ අනුව වර්තමාන රජයට කරන්නට තිබෙන්නේ තමන් ගේ තීරණය පස්ස නොගහා ක්‍රියාත්මක කිරීම පමණක් බව හිටපු ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.
2025 වර්ෂය සඳහා අවම වැටුප රු.25,000කින් වැඩි කිරීමට රුපියල් බිලියන 200ත් 300ත් අතර ප්ර්රමානයක් අවශ්‍ය බවත් එම මුදල 2025 අයවැය මගින් වෙන් කිරීමට හැකි බවත් වික්‍රමසිංහ පාර්ශවයෙන් කියවෙයි. එයට හේතුව ලෙස ඔවුන් සඳහන් කරන්නේ වැට් බදු ආදායම අපේක්ෂිත ආදායමට වඩා රුපියල් බිලියන 400ක් පමණ වනු ඇතැයි යන උපකල්පනයයි.
මෙම කතා මෙසේ කියවුණත් වර්තමාන මාලිමා ආණ්ඩුව ප්‍රකාශ කරන්නේ එලබෙන මැතිවරණයෙන් පසුව බිහිවෙන ශක්තිමත් රජය යටතේ ජනතා ඉල්ලීම්වලට සාධනීය ප්‍රතිචාර ලැබෙනු ඇති බවය. එතෙක් ඉවසා සිටින්න යැයි ඔවුන් ජනතාවට කියයි. ගුරු වැටුප් අරගලය මෙන්ම රාජ්‍ය සේවක වැටුප් විශමතාවයන් ඉවත් කිරීම අවධාරණය කරමින් මහපාරේ සටන් මෙහෙයවූවේ ජවිපේ ප්රමුඛ මාලිමා නායකයන් ය. එම සටන්වල ප්‍රථිපල ලෙස අද ඔවුන් බලයට පත්වී සිටියි. එය එසේ නම් ඔවුන්ට දැන් ඔවුන්ගේ මහපාරේ සටන් පාඨ යථාර්ථයක් කළ හැකි විය යුතුය. එහෙත් එය සිදුවෙනු නොපෙනෙයි. එයට ප්රථිපක්ෂව නෑසු කන් ඇතිව සිටීමට ජවිපේ නායකයන් තීරණය කර ඇති සෙයක් පෙනෙයි.
රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම ක්‍රියාත්මක කරන්නට 2/3ක බලයක් සහිත ආණ්ඩුවක් අවශ්‍ය නැත. එය තිදෙනෙක් ඇමතිකම් කරන වර්තමාන ආණ්ඩුවටත් කළ හැකිය. වැටුප් විෂමතාවයන් ඉවත් කිරීම අරඹයා තවත් කමිටුවක් අවශ්‍ය නැත. ඒ සඳහා ද කමිටු වාර්තාවක් ඇත. තියෙන්නේ තීරණ ක්‍රියාත්මක කරන්නට ය. විධායක ජනාධිපතිවරයාට එක පෑන් පහරකින් මේ තීරණයන් දෙකම අවශ්‍ය නම් ක්‍රියාත්මක කළ හැකිය. එහෙත් මෙතන කොස්සක් තිබෙන බව පෙනෙයි. මොකද්ද ඒ කොස්ස යන්න ආණ්ඩුවේ බලධාරීන් ජනතාවට රාජ්‍ය සේවකයාට ප්‍රකාශ කළ යුතුය. වර්තමානයේ බිහිව තිබෙන්නේ ජනතා ආණ්ඩුවක් නම් ජනතාවට ඇත්ත ප්‍රකාශ කළ යුතුය. ඇත්ත සඟවමින් බොරුවෙන් රට කිරීම ජනතා ආණ්ඩුවකට සුදුසු නැත.