පවතින තත්ත්වය තුළ තමන්ගේ ජීවිතය අහිමි වුවහොත් එයට ජනාධිපතිවරයාට සහ සාගල රත්නායක ඇතුළු පිරිසට වගකීමට සිදුවනු ඇති බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා.

තමාගේ ජීවිතය පිළිබඳ අද වනවිට අවිනිශ්චිත තත්ත්වකට මුහුණ දී ඇති බවයි අද (27) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙම ප්‍රකාශ හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් නොකරන ලෙසත් 134 ක් ඡන්දය ලබාදී රනිල් වික්‍රමසිංහට ඡන්දය ලබාදී ජනාධිපති ධූරයට පත් කළේ, පළිගැනීම් සිදු කිරීමටදැයි ගැටලුවක් පවතින බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.