අපේ රටේ වගාවට සුදුසු නැති ඇහැට වත් දැකපු නැති චීන අසුචි නැවකට ඩොලර් මිලියන 6.7 ක් අහිංසක ජනතා මුදල් වලින් ගෙවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බවත් එමගින් කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම් කියපු ආකාරයට 10% ක කොමිස් මුදලක් යන්නේ ඇමති මහින්දා නන්දට ද ,ශෂීන්ද්‍ර රාජපක්ෂට ද යන්න මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා විපක්ෂ නායක කාර්යාලයේ දී (09) දින ප්‍රශ්න කළේය.

එහිදී වැඩි දුරටත් කියා සිටියේ චීන කාබනික පොහොර නැව ලංකාවට ආවම එය භාවිතයට සුදුසු නැහැ කියලා පරීක්ෂණවලින් හෙළිදරව් වූ බවත් එසේ හෙළිදරව් උනාම එම පොහොර නැවට සල්ලි ගෙවන්නේ නැහැ කියලා කෘෂිකර්ම ඇමතිවරයා මාධ්‍ය ඉස්සරහ කිව්වා. ඒ වගේම ආණ්ඩුවත් කිව්වා අසූචි පොහොර වලට මුදල් ගෙවන්නෙ නැහැ කියලා නමුත් චීනයෙන් කිව්වා ණයවර ලිපි නිකුත් කර නිසා ඒ සල්ලි ගෙවන්න කියලා චීනා කොයි තරම් බලවත් ද කිව්වොත් ඇමතිවරුන්ව චීන තානාපති කාර්‍යාලයට ගෙන්වලත් කිව්වා මුදල් ගෙවන්න කිව්වා හැබැයි ආණ්ඩුව ගෙවන්නේ නැහැ කියලා අපි දැක්කා පහුගිය සතියේ ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් කැබිනට් එක තීන්දුවක් අරන් මුදල් ගෙවන්න. එහිදී කෘෂිකර්ම ඇමතිවරයා හා නීතිය භාර ඇමති එකතුවෙලා කැබිනට් පත්‍රිකාවක් දාලා මුදල් ගෙවන්න එකග වෙලා තියෙනවා. නඩුවත් ඉවත් කර තිබෙනවා. මේ ගෙවන්නේ කාගේ මුදල්ද ?එය අපේ රටේ දුක්විදින ජනතාවගේ මුදල් වලින් ඩොලර් මිලියන 6.7 ක් බව රහුමාන් මහතා පැවසීය.

ඒ වගේම ජධිපතිතුමා මේ අවුරුද්දේ පළමු වෙනි මාධ්‍ය සාකච්ඡාවේදී පිළිගත්තා මුලින් ණයවර ලිපි නිතුක් කර එක වැරදියි කියලා. එතුමා කිව්වා මේ ණයවර ලිපි නිකුත් කරන්න කලින් පොහොර පරික්ෂා කරන්න තිබුණ බව. එතුමාත් පිළිගන්නවා මේ කරපු ක්‍රියාදාමයන් වැරදියි කියලා අපි අහන්නේ මොකටද සල්ලි ගෙවන්නේ .වංචා දූෂණ වලට විරුද්ධ නම් ජනාධිපතිතුමනි ඔබතුමාගේ කැබිනට් එක ගත්ත තීන්දුව වැරදියි කියලා එළිපිට කතා කරනව නම් තීන්දුව ගත්ත අයගෙන් එම මුදල අය කරගන්නා ලෙසත් ඉල්ලනවා.

කෘෂිකර්ම අමාත්‍යංශයේ හිටපු ලේකම් කිව්වා මේ ගණුදෙනුව ඇතුලේ අල්ලස් අරන් තියෙනවා කියලා එහිදී 10%ක කොමිෂන් එකක් එක් අයෙකුට යන නිසා මේ මුදල් ගෙවන්න කියලා තදින්ම කියන අය ඉන්නා බවත් පවසා තිබෙනවා. එසේනම් අපි අහනවා කාටද මේ 10% කොමිෂන් එක යන්නේ ඇමති මහින්දානන්දට ද? ශෂේනද්‍ර රාජපක්ෂට ද?. ඇහැටවත් දැකපු නැති ගොවියා භාවිතා නොකරපු අසූචි පොහොර වලට ජනතා මුදල් ගෙවනවා. ජනතාවට කන්න බොන්න නැතිව අමාරුවෙන් ජීවත් වෙන වෙලාවක බඩු මිල අහස උසට ගිහිල්ලා ආදායම් අහිමි වෙලා ඉන්න වෙලාවක ජනතාවගේ මුදල් ඩොලර් මිලියන 6.7ක් ගෙවන්නේ කවුරු සන්තෝස කරන්නද කියලා ජනාධිපතිතුමා ගෙන් දැනගන්න කැමති බව ද පැවසීය.

නමුත් පුවත්පත් වාර්ථා කරනවා එම මුදල ගෙව්වා කියලා. ඔබතුමා දූෂණයට වංචාවට විරුද්ධ ජනාධිපති වරයෙක් නම් එම මුදල ගොන් මෝඩ තීන්දු ගත් අයගෙන් අය කරගන්නා ලෙසත් එසේ නොකරන්නේ එම තීන්දුවේ එක් ඇමති කෙනෙක් රාජපක්ෂ නිසා බව ද පැවසීය.