වයස අවුරුදු 12ත් 18ත් අතර සිටින සියලුම ගැහැණු දරුවන්ට සනීපාරක්ෂක තුවා (Sanitary Pads) ලබාදිය යුතු බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ අද (27) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළාය.

රාජ්‍ය අමාත්‍යවරිය මෙහිදී සඳහන් කළේ මේ සම්බන්ධයෙන් මුදල් වෙන්කරදීම සම්බන්ධයෙන් ඉදිරියේ දී රජය විසින් සාකච්ඡා සිදුකරන බවයි .

2019 වසරේ ජනාධිපතිවරණ පොරොන්දුවක් ලෙස සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කල පාසල් යන වයසේ පසුවන ශිෂ්‍යාවන්ට සනීපාරක්ෂක තුවා (Sanitary Pads) ලබා දීමේ වැඩපිළිවෙල ජනාධිපතිවරණ සමයේදී පොහොට්ටු ක්‍රියාකාරිකයින් සමච්චලයට ලක් කොට පිළිකුල් සහගත ලෙස ප්‍රතික්ෂේප කළ බව අද දිනයේදී ප්‍රකාශ කලයුතු වේ.

2021 වසරේදීද මෙම යෝජනාව පිළිබඳව දේශපාලන කරලියේ කතිකවත්ට බඳුන් වූ අතර එහිදී සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවේ සැලසුම සම්බන්ධයෙන් ප්‍රසංසා කරන බව කියා සිටියි.

padman

ඔහු එබව කියා සිටියේ, විපක්ෂ නායක කාර්‍යාලයේ 2021 01 04 පැවැති මාධ්‍ය හමුවට එක්වෙවෙමිනි.

දරිද්‍රතාව හේතුවෙන් කාන්තාවන් මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු නොකිරීම නිසා බරපතළ රෝගාබාධයන්ට මුහුණ දීමට සිදුව ඇති බවද ඔහු එහිදී අවධාරණය කළේය.