ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යධුරයෙන් සහ වාරිමාර්ග අමාත්‍යධුරයෙන් තමන්ව ඉවත්කර ඇති බවට ජනාධිපතිවරයා විසින් ලිපියක් එවා ඇති බව අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා.

අද පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ‌ජනාධිපතිවරයා විසින් ‌ඊට අදාළ ලිපිය රොෂාන් රණසිංහ මහතා වෙත දී ඇති බව දැනගන්නට ඇත.

මෙම කැබිනට් හමුව අද දින පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක තුනෙහි පැවැත්වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව රොෂාන් රණසිංහ දැරූ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය ධුරයෙන් මෙන්ම මහවැලි හා වාරිමාර්ග කටයුතු අමාත්‍ය ධුරයෙන්ද ඉවත් කර තිබේ.

Roshan Ranasinghe