එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාශ්‍රිත තිසේරා මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවි එතුමාගේ වැඩපිළිවෙළට සහාය දැක්වීමේ අරමුණින් සමගි ජන බලවේග සන්ධානය හා එක් විය. එසේම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඔහුව නාත්තන්ඩිය මැතිවරණ බල ප්‍රදේශයේ ආසන සංවිධායකවරයා ලෙසද පත් කරන ලදී.

විපක්ෂ නායක

කීර්තිමත් දේශපාලනඥයකු වූ ප්‍රොටස් තිසේරා මහතාගේ පුත්‍රයා වූ ඔහු අවස්ථා කිහිපයකදි පැවැති රජයන්හි ප්‍රබල කැබිනට් සහ නියෝජ්‍ය අමාත්‍යාධුර කිහිපයක්ම දැරුවෙකි.

මෙහි සුවිශේෂත්වය වන්නේ මෙම වසර මැතිවරණ වසරක් වීමත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාශ්‍රිත තිසේරා මහතා නව සන්ධානය සමඟ එක්වීමට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල සාමාජිකයකු වන ශාන් විජේලාල් මහතාද විපක්ෂය විසින් ගොඩනගන සමගි ජන බලවේගය ප්‍රමුඛ සන්ධානය සමඟ එක්වීමයි.