2018 වර්ෂයේ දී පමණ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මූලික වී මහනුවර ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජනා වී තිබූ මහනුවර ක්‍රිකට් පුහුණු විශ්ව විද්‍යාල ව්‍යාපෘතියේ සාමාජිකයකු ලෙස පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, වත්මන් කෝප් කමිටුවේ සභාපති මහාචාර්‍ය රංජිත් බණ්ඩාර කටයුතු කර තිබෙනවා.

මහනුවර ක්‍රිකට් පුහුණු විශ්ව විද්‍යාල ව්‍යාපෘතිය සදහා සුජීව ගොඩලියද්ද, ඈෂ්ලි ද සිල්වා, කමල් ධර්මසිරි, මහාචාර්‍ය රංජිත් බණ්ඩාර, ආචාර්ය අශෝක තිලකවර්ධන, ජනක කුරුප්පු, සුනිල් ආරියරත්න, චමීර ඇතුළු පිරිසකගේ මූලිකත්වයෙන් සාකච්ඡා පවත්වා තිබෙනවා.

මෙම ව්‍යාපෘතිය සදහා මේවන විට පොදුජන පෙරමුණේ මන්ත්‍රී සහ කෝප් කමිටු සභාපති ධූරය දරමින් ක්‍රිකට් ආයතනය ප්‍රශ්ණ කිරීමට ලක්කල සහ පිලිතුරු ලබානොදෙන ලෙස හස්ථ ඉරියව් වලින් බලපෑම් එල්ල කල බවට චෝදනා එල්ලවන මහාචාර්‍ය රංජිත් බණ්ඩාර එවකට ක්‍රිකට් ආයතනය වෙනුවෙන් සක්‍රීය භූමිකාවක් සිදුකර තිබෙනවා.

ඒ අනුව එම බලකිරීම පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන්  කිහිපදෙනෙකුම පාර්ලිමේන්තුවේ අවධානය ලක්කළ අතර වත්මන් කෝප් කමිටු සභාපති රන්ජිත් බණ්ඩාරව එම ධූරයෙන් ඉවත් කරන ලෙසද ප්‍රකාශ කර සිටියා.

cricket board