“කෑගහන්න එපා. වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සගෙන යනවා” යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක පාර්ලිමේන්තුවේදී අද(26) තර්ජනයක් කළේය.

ඔහු දිගින් දිගටම සෙංකෝලය උස්සන බවට තර්ජන කළ අතර එම තර්ජනය සිදුකලේ ඔහු පාර්ලිමේන්තුව තුලදී සමාජගත කිරීමට තැත් කළ අසත්‍ය ප්‍රකාශ වලට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා එරහි වීමත් සමගයි.

චාමර සම්පත් මන්ත්‍රීවරයා දිගින් දිගටම පාස්කු ප්‍රහාරය සිදුවන මොහොතේ මහජන ආරක්ෂක කැබිනට් ඇමති ලෙස රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා කටයුතු කළ බවත් එම අවස්ථාවේ මහජන ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස නලින් බණ්ඩාර මහතා කටයුතු කළ බවටත් වන අසත්‍ය ප්‍රකාශයක් පාර්ලිමේන්තුව තුලදී සමාජගත කිරිමට උත්සහ කිරීමත් සමඟයි.

නමුත් මෙහිදී නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තු මුලසුනේ සිටි මන්ත්‍රීවරයාට අවධාරණය කරමින් කියා සිටියේ පාස්කු ප්‍රහාරය සිදුවීමට පෙර නලින් බණ්ඩාර මන්ත්‍රීවරයාත්, රන්ජිත් මද්දුම බණ්ඩාර මන්ත්‍රීවරයාත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් අමාත්‍ය ධූර වලින් ඉවත් කළ බවයි.

“මෙයා කියනවා පාස්කු ප්‍රහාරය වෙලාවේ මම පොලිස් නියෝජ්‍ය ඇමති කියලා. පොලිසිය භාර නියෝජ්‍ය ඇමති නොවෙයි. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා අපි මුලින්ම අයින්කළා.”