කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (06) කැඳවා තිබේ.

අද පෙරවරු 08.30ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම රැස්වීම පැවැත්වීමට නියමිතව ඇති අතර ඊට සහභාගී වන ලෙස සියලුම පක්ෂ නායකයින්ට දැනුම් දී ඇති බව සඳහන්.

පසුගියදා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතාට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් පහරදීමට තැත්කිරීමේ සිද්ධියක් මුල් කරගනිමින් මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන තුරු තමන් පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගී නොවන බව සජබ මන්ත්‍රී කණ්ඩායම විසින් ප්‍රකාශයට පත්කෙරිණි.

මෙම තත්වය පිළිබඳව අද පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡාවට ගැනීමට නියමිත අතර පාර්ලිමේන්තු රැස්වීම් වලට සභාගී වීම පිළිබඳව සජබ තීරණය එයින් අනතුරුව ගැනෙනු ඇති බවයි වාර්තා වෙනවා.