සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව වර්ජනය කරමින් අද පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතාවයක නිරත වෙමින් ඇත.

පාර්ලිමේන්තුව තුල ආණ්ඩුවේ ප්‍රචණ්ඩත්වට එරෙහිව සමගි ජන බලවේගයෙ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු වර්ජනය කිරීමට තීන්දු කළ අතර එය තහවුරු කරමින් පාර්ලිමේන්තු සංකිර්ණය ඉදිරිපිට විරෝධතාවයක නිරත වේ.

මෙයට හේතු වුයේ පසුගියදා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතාට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් පහරදීමට තැත්කිරීමේ සිද්ධියක් මුල් කරගනිමින් මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන තුරු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගී නොවිමට තිරණය කර ඇත .

balavegaya 1638765432913