ලංකාවට ගෙන්වා, පසුව ආපසු හරවා යැවූ චීන අසූචි නැවට විශාල වන්දියක් ගෙවීමට ආණ්ඩුව සූදානමින් සිටින්නේදැයි සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර ප්‍රශ්ණ කළේය.

චීන අසූචි නැව දැන් බේරුම් කරණයට සිංගප්පූරුවට යන බවත් මෙසේ සිංගප්පූරුවට යන්නේ ලංකාවට භාර නොගත් නිසා බවත් අද පැවති ප්‍රවෘත්ති සාකච්චාවකදී මන්ත්‍රීවරයා පැවසුවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීවේය.

මේ සියලු වන්දි ගාස්තු ලබා ගැනීම මේ අයගේ අරමුණයි.මේ වගේම හානියක් රටට වෙනවා.

ඩොලර් රැකගන්න රසායනික පොහොර තහනම් කලා.නමුත් දැන් ඊට වඩා ඩොලර් ප්‍රමාණයක් වියදම් වෙන තත්වයකට පත් වෙලා.

ශාඛ නිරෝධායන පනත අතික්‍රමණය කර චීන පොහොර නැව ගේන්න අවශ්‍ය අනුමැතිය ලබා ගෙන තිබුනා.

දැන දැන මේ රට අමාරුවේ දැම්මේ කවුද කියලා රටට හෙලිකල යුතුයි.

මාලු කන්ටේනර් දෙකක් නිදහස් කිරීම ගැන කාරනාව ඊයෙ පාර්ලිමේන්තුවේ දැඩි කතා බහක් ඇති උනා.

මම ඇහුවේ මේ මාලු ධීවර සංස්ථාවේ විකුණුනුවද කියලයි.මේකට හරියට කලබල උනා.
මේක හැන්සාඩ් වාර්තාවෙන් පවා ඉවත් කරන්න යැයි කිව්වා.

මේ ගැන ගතපු ක්‍රියා මාර්ග මොනවාදැයි අපි ඇහුවේ.මේක අරන් තියෙන්නේ පෞද්ගලික පාර්ශවයක්.
අබ කෑ මිනිහගේ මොලේ දන්නේ.
එහෙම නෙවෙයි නම් ඒක පැහැදිලි කල යුතුයි.

https://we.tl/t-G494a0DRjj