දකුණු ආසියාවේ වැඩීම විදුලි බිල ගෙවන රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බව ආර්ථිකය හා බැඳුණු විශ්ලේෂණාත්මක තොරතුරු වාර්තා කරන පබ්ලික් ෆයිනෑන්ස් වෙබ් අඩවිය (PublicFinance.lk) පවසයි.

ආර්ථිකය හා බැදුණු විශ්ලේෂණාත්මක තොරතුරු සපයන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වේදිකාව වන PublicFinance.lk පළ කරන ලද මෙම විශ්ලේෂණයෙන්, ඒකක 100, 200 හෝ 300 යනාදී වශයෙන් විදුලිය පරිබෝජනය කරන විට එම නිවාසවලින් කොපමණ විදුලි ගාස්තුවක් අයකරන්නේ ද, යන්න විමසුමට ලක් කර ඇත.

විදුලි ගාස්තු

මේ පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තු සභාවේ අවධානයද යොමුකළේය. එහිදී ප්‍රේමදාස මහතා කියා සිටියේ,

ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව සහ වෙරිටේ රිසර්ච් ආයතනය සිදු කරන ලද සමීක්ෂණයකට අනුව දකුණු ආසියාවේ වැඩිපුරම විදුලි බිල ඇත්තේ අප රටේ බවත් දකුණු ආසියාව හා සංසන්දනය කර බලන විට අප රටේ විදුලි බිල 2.5 සහ 3 දක්වා දළ දශයෙන් 3 ගුණයක් වැඩිපුර ගෙවිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඒ මහතා උදාහරණයක් ගෙන කියා සිටියේ විදුලි ඒකක 100කට මාසෙකට රු.5280ක් වුවත් දකුණු ආසියාවේ සෙසු රටවල රු.2078ක් බවත් යුනිට් 200කට අප රටේ රු.12960ක් වුවත් දකුණු ආසියාවේ 4609ක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එබැවින් මේ ගැන රජයේ අවදානය යොමු කරන ලෙසත් දැනටමත් විදුලි බිල අවස්ථා ගණනාවකදී වැඩිකර ඇති නිසා එය පාරිභෝගිකයන්ට මෙන්ම ව්‍යවසායකයින්ට බරපතල අගතිගාමී තත්ත්වයක් මතුව ඇති නිසා සහනයක් ලබා දෙන ලෙසත් ඡන්ද ගුණ්ඩුවක් ලෙස සියයට 4කින් විදුලි බිල අඩු කිරිම සෑහිමකට පත් නොවන නිසා ජනතාවට දැනෙන අඩු කිරිමක් සිදු කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (9) පාර්ලිමේන්තුවේ දී පැවසීය.