අප රටේ 40000ක පමණ ගුරු හිගයක් ඇති මොහොතක සංවර්ධන නිලධාරීන් විශාල ප්‍රමාණයක් ලොකු කැපකිරිමක් සිදු කර කොරෝනා සමයේ පවා පාසල්වල ඉගැන්වීම් කටයුතු සිදු කළ බවත් මෙම උපාධිධාරින් නිසි ක්‍රමවේදයක් සහ වැඩපිළිවෙළක් තුළ ඔවුන්ට ගුරු සේවයට එක්වීමට අවස්ථාව ලබා දෙන ලෙසත් ඒ තුළින් ගුරු හිගය පවා පියැවෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (9) පාර්ලිමේන්තුවේ දී ඉල්ලා සිටියේය.

මේ සම්බන්ධයෙන් තමා සහ රෝහිණි කවිරත්න මන්ත්‍රීවරිය පවා අවස්ථා ගණනාවකදී අධ්‍යාපන ඇමතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති නමුත් ඒ සඳහා තවමත් විසදුමක් නොලැබී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.