2018 ඔක්තෝම්බර් 26 රනිල් වික්‍රමසිංහ අගමැතිකමින් අස්කිරීමට පෙර 10 වතාවක් අගමැති වන ලෙස ඉල්ලා සිටි බවත් රනිල් වික්රමස්විංහ අගමැති ධූරයෙන් අස්කිරිමෙන් පසු මහින්ද රාජපක්ෂ අගමැති කිරීමෙන් පසු 61 වතාවක් අගමතු ධූරය බාරගන්න ලෙස තමාගෙන් ඉල්ලා සිටි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

මිට අමතරව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිව සිටින සමයේත් අගමැතිකම බාරගැනීමට ඇරයුම් ලැබූ බවත් එම ඇරයුම් බාර ගත්තේනම් රට බංකොලොත් කල හොරු සමග එකතු වී ජනාධිපති වීමට පවා අවස්ථාව තිබූ බවත් මොන ආරාධනා ලැබුනත් හොරුන් සමග ජිවත් වීමට, හොරුන් සමඟ දේශපාලනය කිරීමට සුදානම් නොමැති බවත් තවදුරටත් ප්‍රතිපත්ති ගරුක දේශපාලනය විශ්වාස කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී අවධාරණය කර සිටියේය.

කෙතරම් ඇරයුම් ලැබුනත් දේශපාලන කුමන්ත්‍රණවලට, ඔළුගෙඩි සෙල්ලම්වලට සුදානම් නොමැති බව එම ඇරයුම් ලැබූ සෑම අවස්ථාවකම ප්‍රකාශ කළ බව මෙහිදී විපක්ෂ නායකවරයා ප්‍රකාශ කරනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 169 වැනි අදියර යටතේ අද හම්බන්තොට තංගල්ල සිද්ධාර් මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. මේ අවස්ථාවේ දී නර්තන කණ්ඩායම් සඳහා ඇදුම් ලබා ගැනීමට රුපියල් ලක්ෂ දෙකක මුදලක් ද පරිත්‍යාග කළේය.