ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ තුර්කි තානාපතිනිය වශයෙන් කටයුතු කරන Demet Sekercioglu මහත්මියගේ සේවා කාලය අවසන් කිරීම වෙනුවෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතාගේ නිවසේ දී පසුගියදා (28) පැවැත්විය.

මේ සඳහා ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී එරන් වික්‍රමරත්න මහතා ඇතුළු මෙරට නියෝජිතයින් පිරිසක් මෙන්ම ලෝක ඉස්ලාමීය රටවල එකමුතුව (OIC) නියෝජනය කරමින් තුර්කි, කටාර්, බංගලාදේශ්, පලස්තීනය, ඊජිප්තුව සහ පකිස්ථානය යන රටවල තානාපතිවරුන්ද මේ සඳහා සහබාගී වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අවස්ථවට සහබාගී වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තානාපතිවරුන් සමඟ වත්මන් ලෝක දේශපාලනය පිළිබඳව ඉතාමත් කාලෝචිත සකාච්ඡාවක නිරත වූ අතර අප කළ විමසීමකදී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා කියා සිටියේ මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාව දේශපාලනිකව සහ ආර්ථික අවශයෙන් මුහුණදී තිබෙන වත්මන් ගැටලුකාරී තත්වයන් පිළිබඳව විදේශ තානාපතිවරුන් සමඟ දීර්ඝ වශයෙන් සකාච්ඡා කළ බවයි.

OIC