රනිල් රාජපක්ෂ ආණ්ඩුව මේ වන විට විපක්ෂ මන්ත්‍රීවරුන් ඩැහැගැනීම සඳහා බාර් පර්මිට් ඇතුළු විවිධ වරප්‍රසාද බෙදාදෙන තත්වයක පත්ව තිබෙන බව සමගි ජන සන්ධානය නියෝජන කරන වසන්ත යාපා බණ්ඩාර පවසනවා.

ඔහු කියා සිටින්නේ මහජනතාව මෙතරම් අසීරු තත්වයකට පත්ව සිටින මොහොතක, ජනතාව අවඥාවට පත්කරමින් ප්‍රමිතියෙන් තොර සහල් බෙදන මොහොතක රජය විසින් ගෙනයනු ලබන මෙම වැඩපිළිවෙල ඉතාමත් ලැජ්ජාසහගත ක්‍රියාවක් බවයි.