අන්තර් කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයා විපක්ෂ නායකතුමාට කළ ආරාධනය යථාර්ථයක් විමටනම් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවත් අවබෝධ කර ගත යුතු ප්‍රධාන කරුණක් තිබෙි.එනම් මේ මොහොතේ ජනමතය කෙසේ හැසිරෙන්නේද යන්නයි.

රටෙි ජනතාව කියනුයේ ජනාධිපතිවරයාට සහ රාජපක්ෂ වරුන්ට ගෙදර යන ලෙසයි . එහෙත් ජනාධිපතිවරයා දිගින් දිගටම ක්‍රියාකරනුයේ එම ජනමතය නොසලකා හරිමින්ය. ජනාධිපතිවරයා ප්‍රමුඛ ඔහුගේ උපදේශකයන් උත්සාහ දරනුයේ සැබැ ජනතා අපේක්ෂාව වෙනත් දිශානතියකට යොමු කිරීමටය.
වර්තමානයේ රටෙි උද්ගතව ඇති අර්බුදයේ ස්වරූපය නිවරැදිව කියවා ගැනීම මෙහිදී වැදගත් වන්නේ
වනුයේ එබැවිනි .

මෙම අර්බුදය ප්‍රධාන වශයෙන් ආර්ථික සහ දේශපාලනික වශයෙන් දෙවැදැරුම් වේ. ආර්ථික අර්බුදය තමාගෙ ආණ්ඩුව ගත් වැරදි ප්‍රතිපත්ති නිසා සිදු වු ඓතිහාසික වැරැද්දක් බව මුදල් ඇමති අලි සබ්‍රී පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළේය. කාබනික පොහොර ව්‍යාපෘතිය තමා සිදු කළ වැරැද්දක් බව ජනාධිපතිවරයා සදහන් කළේය. මේ වැරදි තීරණය හමුවේ බිඳ වැටුණු රටේ ජන ජිවිතය මෙවනි හුදු පිළි ගැනිමකින් පමණක් නිවරැදි කළ හැකි නොවේ . අද වන විට රට බංකොලොත් රටක් ලෙස නිල වශයෙන්ම ආණ්ඩුව ප්‍රකාශ කොට තිබෙි.රටෙි අත්‍යවශ්‍ය සේවා සහ භාණ්ඩ සමිපාදනයට රජය අපොහොසත් වි තිබේ. රටේ සියළුම පද්ධතීන් බිඳවැටී ජනතාව මහමගට වැටී අවසානය.

අවම වශයෙන් මෙම භාණ්ඩ හා සේවා නිසි ලෙස සැපයිම පිළිබඳව රටට පැහැදිලි සැලැස්මක් හෝ ඉදිරිපත් කිරිමට ආණ්ඩුව අපොහොසත්ය. එවනි තත්ත්වයක් තුළ ජනාධිපතිවරයා උත්සාහ දරනුයේ සිදු කළ ඓතිහාසික වැරදි විපක්ෂයට බාර කරමින් තම තනතුර රැකගැනිමට බව ඉදුරා පැහැදිලි වෙයි. එසේ කර ටික කලකින් යළිත් තම දේශපාලන බල ව්‍යාපෘතිය සුපුරුදු ලෙස ආරම්භ කිරිම ඔහුගේ අරමුණ විය. රටෙි ජනතාව ඉල්ලනුයේ ජනාධිපතිවරයාට ගෙදරට යන ලෙසයි .එහි අර්ථය වන්නේ රටෙි ව්‍යවස්ථමය ප්‍රතිසංස්කරණයක් සිදු කළ යුතු බවයි .එසේම ජනතාව නගන රාජපක්ෂ පවුලේ දුෂණ හා වංචා පිළිබඳව නිසි ක්‍රියාවලියක් තුළින් කටයුතු කළ යුතු බවයි .

මෙි සියල්ල පසෙකලා ජනාධිපතිවරයා විපක්ෂ නායකයාට ඔහුගේ නායකත්වයෙන් ආණ්ඩුවක් පිහිටුවීමට ආරධනා කිරිම යනු හිසේ රදයට කොටිටය මාරු කිරිමට දරන උත්සාහයකි. මේ මොහොතේ රටෙි අර්බුදය විසදිමට නම් යොජිත විසිඑක්වන සංශෝධනය වහාම ක්‍රියාත්මක කළ යුතුය . එමෙන්ම ජනාධිපතිවරයා තම ධුරයෙන් ඉල්ලා අස්විය යුතුමය . රට තුළ ආර්ථික හා දේශපාලන ස්ථාවරය ඇති කිරිමට නම් මෙම කොන්දේසිය අනිවාර්යයෙන් ම ඉටු කළ යුතුය . මෙහිදී නීතීඥ සංගමය ඉදිරිපත් කර ඇති යොජනාවලිය පදනමක් ලෙස සලකා බැලිමටත් ඒතුළින් ඉදිරියට යාමට කටයුතු කිරීම කාලොචිත වුවකි.

මෙහිලා ජනතාව ද වටහා ගත යුතු වැදගත් කරුණක් තිබේ . වර්තමාන ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ඇති කළ ඓතිහාසික වැරදි නිවරැදි කිරීම යනු ඕනෑම ආණ්ඩුවකට අභියෝගයක් බවයි .ඒ සදහා යම් කාල සිමාවක් ගත විම වැලැක්වය නොහැකි කරුණකි .එහෙත් එය ඉටුකිරීමට හැකියාව තිබේ .යහපත් කළමනාකරණය විද්වත් දැනුම ජාත්‍යන්තර විශ්වාසය දිනාගැනීමට සමත්විම මෙහිලා ප්‍රමුඛ සාධක වේ. ඒ සදහා පවුලක බලය වැනි පටු අරමුණු වලින් බැහැර වු පිරිසක් අත්‍යාවශ්‍ය වේ. මෙහිදී සමගි ජන බලවේගයේ නායකත්වය සහ සමගි සන්ධානයේ නායකත්වය එයට මේ මොහොතේ ඇති පැහැදිලි විකල්පයයි.

එනමුත් සැබෑ ගැටලුවට පිළිතුරු නොදි ජනාධිපතිවරයා කිසිවක් සිදු නොවුණු අයුරින් තම වගකිම් සහ වගවීම් තම පවුලේ අනාගත දේශපාලනය වෙනුවෙන් විපක්ෂයට පැවරිමට උත්සාහ දැරිමට දරන දේශපාලන උපාය මාර්ගය⁣ට හසුනොවිම මෙන්ම එය ජනතාවට පැහැදිලි කිරිම ද එකසේ වැදගත්ය.

ඒරානන්ද හෙටිටිආරචිචි