අද රට තුළ අර්බුද රාශියක් තිබුනත් රාජපක්ෂලාට ඒවා ගැන වගක් නැති බවත් ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයාට රටේ ජනතාව ජීවත් වෙන්නේ කොහොමද කියලා අමතක වී ඇති බවත් එතුමා ජීවත් වෙන්නේ වෙනම ලෝකයක එය රාජපක්ෂ ලෝකයේ නිසා එහෙම ඉන්න අයට ජනතා ප්‍රශ්න තේරුම් ගන්න බැරි බව ද , ඒ වගේම ඇමති මහින්දා නන්ද කියන්නේ අමු පචයෙක් එය ආණ්ඩුවේ ඇමතිවරුම ප්‍රකාශ කළ ඇතැයි ජේ.සී. අලවතුවල මන්ත්‍රීවරයා විපක්ෂ නායක කාර්යාලයේ මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසීය.

තවදුරටත් ඒ මහතා කියා සිටියේ , අපි දැක්කා රාජපක්ෂ පවුලේ අය කොහොමද හැසිරෙන්නේ කියලා .අද පාර්ලිමේන්තුව තුළම රාජපක්ෂ පවුලේ කැබිනට් ඇමතිවරු හතර දෙනෙක් සහ රාජ්‍ය ඇමතිවරයෙක් ඉන්නවා. ඒ අය පාර්ලිමේන්තුව තුළත් එළියෙත් හැසිරෙන ආකාරයත් නාමල් රාජපක්ෂ විදේශ රටවල් වල ගිහිල්ලා විනෝද වෙන අකාරයත් අපි දකිනවා . එහිදී මේ රටේ ජනතාවගේ ප්‍රශ්න සම්බන්ධයෙන් ඒ අයට කිසිම අමාරුවක් නැති බවත් පාර්ලිමේන්තුව තුළ විපක්ෂයක් විදියට අපි නොයෙකුත් කාරණා ඉදිරිපත් කරාම ආණ්ඩු පක්ෂයේ අයත් රාජපක්ෂ පවුලේ අයත් ඒවා හාස්‍යට ලක් කරන බව පැවසීය. ජෝන්ස්ටන් ප්‍රනාන්දු කියන්නේ ඒ තැනට වැටිච්ච කෙනෙක්. ඒ අයට රටේ ජනතාවගේ ඇත්ත තත්ත්වය පේන්නෙ නැහැ. ඒ නිසා තමයි අද ජනතාව එක වේලක් කන්න බැරුව ලෙවකන තැනකට වැටිලා තියෙද්දී කාපට් දාන්න සල්ලි වෙන් කරන්නේ එම නිසා රටේ ජනතාව ජීවත් වෙනවාද නැද්ද කියන එක ඇමතිවරුන්ට වත් රාජපක්ෂ පවුලට වත් කිසිම හැඟීමක් නැතැයි පැවසීය.

ඒ වගේම මහින්දානන්ද කියන්නේ ද අමු පචයෙක් බවත් එතුමා කියන ඒවට උත්තර දෙන්නත් අවශ්‍යතාවක් නැතැයි මහින්දානන්ද කියන්නේ කවුද කියලා මේ රටේ ගොවි ජනතාව හොදින් දන්නා බව පැවසීය. එතුමා මුලින් කිව්වේ එක හාල් ඇටයක් පිටරටින් ගේන්නේ නැහැ කියලා පොහොර සම්බන්ධයෙන් මොකක්ද කරේ කියන්නත් ගොවි ජනතාව දන්නවා අද මේ ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙන්න එක හේතුවක් තමයි කෘෂිකර්ම ඇමැතිවරයා බවත් මහින්දානන්ද අද කරන්නේ රාජපක්ෂ පවුලට කඩේ යන එකයි. අමරවීර ඇමැතිවරයා ද මහින්දානන්ද තරම් බොරු කියන මිනිහෙක් නැති බව පවසා තිබෙනවා.

ඒ වගේම අද මාධ්‍ය ඇතුළේ ප්‍රශ්න වහ ගන්න අපි ළඟ ප්‍රශ්න තියෙනවා කියලා මවලා පෙන්වන්න හදනවා. අපි අතර එහෙම ප්‍රශ්නයක් නැහැ සමගි ජන බලවේගය ඉතාමත් ශක්තිමත්ව මේ රටේ ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටින බවත් ඒවා විසඳන්නත් සූදානම් වෙලා ඉන්නා බව ද පැවසීය.