මේ ආණ්ඩුව මිනිස්සු නොමරා මරණ බවත් ජිවත් විමට තුන්වේල සදහා ආහාර සපයා ගැනිමටවත් ජනතාවට නොහැකි තත්ත්වයක් උග්‍රගත වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී.හැරිසන් මහතා පවසයි .

ඔහු වැඩි දුරටත් කියා සිටියේ ,

දේශපාලනඥයෝ විදියට අපිට විතරක් නෙමෙයි රටේ පාරිභෝගික ජනතාවටත් ලොකු අභියෝගයකට මුහුණ දෙන්න සිදු වෙලා. අද මේ ආණ්ඩුවෙන් ඉල්ලන්නේ ලොකු සංවර්ධන වැඩ නෙමෙයි තුන්වේල බඩගින්නෙ ඉන්නෙ නැතුව කන්න දෙන්න කියන එකයි. පාරිභෝගික ජනතාවටත් රටේ මහජනතාවටත්. තිබෙන එකම ප්‍රශ්නය තුන්වේල කන්න කොහොමද කියන එකයි. ගෑස් ටික හොයාගන්නෙ කොහොමද කියලා ප්‍රශ්නයක්. කිරිපිටි හොයා ගන්නේ කොහොමද කියල ප්‍රශ්නයක් . දර ලිපට ඕන දර කෑල්ල හොයාගන්න කියන ප්‍රශ්නය තියෙනවා. මේකයි අද තියෙන ප්‍රශ්න දරුවාව පාසලට යවන එක අද ගැටළුවක් වෙලා දරුවාට උදේට කන්න බොන්න දෙන්න දෙයක් නැති වෙලා තේ එකක් දෙන්න කිරිපිටි හෝ සීනි ඕන අද ඒ ටික දෙන්න විදියක් නැහැ දෙමාපියන්ට.


ඒ වගේම රජයේ සේවකයෙක්ට වැඩට යන්න විදිහක් නෑ ගෙදරට කෑම ටික ඔයා ගන්න විදිහක් නැති වෙලා සමහර අයට සල්ලි තියෙනවා හැබැයි බඩු ටික ගන්න තැනක් නැහැ. මේ ආණ්ඩුව බංකොලොත්භාවය එතනින්ම පේනවා.

මේ අදහස් දැක්වූයේ පී.හැරිසන් මහතා අද(05) විපක්ෂ නායක කර්‍යාලයේ දීය .