විපක්ෂයේ පක්ෂ රැසක් අයවැය දෙවනවර ඡන්ද විමසීමේදී අයවැයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සමගි ජන බලවේගය හා උත්තර ලංකා සභාගය, ජාතික ජන බලවේගය මෙවර අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බවයි සඳහන් වන්නේ.

මෙම ඉදිරිපත් කර ඇති අයවැය තවදුරටත් අර්බුදයට ගමන් කරන අයවැයක් බවත් රට සංවර්ධන මාවත කරා රැගෙන යන අයවැයක් නොවන බවත් සමගි ජන බලවේගය සදහන් කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සඳහන් කළේ, මෙවර අයවැයේ රටට අහිතකර යෝජනා ගණනාවක් අඩංගු බවයි.