රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත වඩා ආණ්ඩුව විවේචනය කරන හා ආණ්ඩුවට විරුද්ධව උසාවි ගිය අය ඉන්නවා.කැබිනට් මණ්ඩලයට විරුද්ධව උසාවි ගිය අය ඉන්නවා. ඇයි ඔවුන් වෙනුවෙන් තිරණ ගන්නේ නැතුව සුසිල් ප්‍රේමජයන්ත විතරක් අයින් කළේ, ආණ්ඩුවට ඕනැකම තියෙන්නේ ආණ්ඩුවේ මැති ඇමතිවරු ආණ්ඩුව විවේචනය කරන කොට එය පාලනය කිරිමටයි. එසේ පැවසූවේ සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතායි.
වැඩි දුරටත් පැවසූ රංජිත් මද්දුම බණ්ඩාර මහතා ,

මේක කරන්න තිබ්බෙ උඩ ඉදන්, කොන්දක් නැති කම නිසායි කැබිනට් ඇමතිවරු සිටින් විට රාජ්‍ය අමාත්‍යවරයෙක් අයින් කළේ.

සුසිල් ප්‍රේමජයන්ත කියන්නේ පොදුජන පෙරමුණේ ජේෂ්ඨ සාමජිකයෙක්. ඔහු හිටපු කැබිනට් අමාත්‍යවරයෙක්. එය කපලා කොටලා දලා තමයි රාජ්‍ය අමාත්‍ය ධූරය ලබා දුන්නේ , අපි කණගාටු වෙනවා ඒ වගේ අමාත්‍යවරයෙක් මෙහෙම දෙයක් වුණාට .