විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ මග පෙන්වීම යටතේ ඡන්දපොල මට්ටමින් ගොඩනගන “සමගි ජන පවුර” පිලිබදව දැනුවත් කිරීමේ වැඩමුලුවක් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ත්‍රිකුණාමලය මැතිවරණ කොට්ඨාසයේ සමගි ජන බලවේගයේ කාර්‍යාලයේදි පැවැත්විය.

සමගි ජන බලවේගය

ඒ අනුව බිම්මට්ටමින් “ජනපවුර” නියාමකවරුන් 12000 සහ “ජනපවුර” මෙහෙයුම් කමිටු 12000 ක් ඇති කිරීම හරහා “සමගි ජනපවුර” බලකායක් සමගි ජන බලවේගයේ ඉදිරි සංවිධාන ශක්තිමත් කිරීමට එක් කිරීම මෙහි අරමුණයි.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ මග පෙන්වීම සහ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතාගේ මූලිකත්වයෙන් පැවැති මෙම වැඩමුලුව සංවිධානය කලේ ත්‍රිකුණාමලය සමගි ජන බලවේගයේ සංවිධායක කපිල සුදන්ත කලුපහන මහතාය මෙම අවස්තාවට ත්‍රිකුණාමලය පාර්ලිමේන්තු මංත්‍රි ඉම්‍ රාන් මහරුෆ් මහතා, දිස්ත්‍රික් සංවිධායක එන් තිරුකුමර් මහතා , දිස්ත්‍රික් කළමනාකාර එන් සේකර් මහතා, පලාත්පාලන මංත්‍රිවරුන් ,සහ පළාත් පාලන අපේක්ෂක කණ්ඩායම සමග ඡන්දපොල ජනපවුර නියෝජිතයන්ද එක්ව සිටියේය.