රට මුහුණ දී ඇති මේ අවාසනාවන්ත තත්ත්වය අනුව පටු තනතුරු රැක ගැනිමට දේශපාලන අරමුණු ඉටු කර ගැනිමට කටයුතු කිරීම රටට කරන අසාධාරණයක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකිර් මාකාර් මහතා පවසයි .

ඔහු වැඩි දුරටත් කියා සිටියේ ,

“අඟහරුවාදා දින පාර්ලිමේන්තුව අමතමින් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළ අන්දමට, මුලු රටම ප්‍රතික්ෂේප කර ඇති විධායක ජනාධිපති ක්‍රමය ක්‍රමය නැති කර,ව්‍යවස්ථාදායකය , විධායකයත් අධිකරණයත් අතර නිසි බලතුලනයක් ඇති, ජනතාවට වගවන, විනිවිද භාවයකින් යුතු දේශපාලන ක්‍රමයකට අපි හැම එක්විය යුතුව තිමබනවා.

දැන්වත් මුලු රටම නගන ඒ හඬට සවන්දී ඒ තනතුර අහෝසි කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ගෙනන එන ලෙස ගරු අග්‍රාමාතයවරයාමගන් ඉල්ලා සිටිනවා” යනුවෙන් ඉම්තියාස් බාකීර් මාකාර් මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය .