බංකොලොත් බවට පත්ව ඇති රට ගොඩනැගීම උදෙසා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව එකින් එක පැහැදිලි කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ලැබීය.

ඊයේ ජනාධිපතිවරයා විසින් කරනු ලැබූ විශේෂ ප්‍රකාශයට පිළිතුරු ලෙස විපක්ෂ නායක තුමා විසින් කරනු ලැබූ කතාව දසරාජ ධර්මයට අනුකූලව සහ ලෝකයත් සමග සමග ජාත්‍යන්තර මට්ටමේ මනා සංවිධානයකින් ගනුදෙනු කළහැකි රටක් ගොඩනැගීම ගැනද ඒ මහතා සිය කතාවෙන් අවධාරණය කළේය.

ආර්ථිකය හකුළුවා මේ පවත්නා ගැටලුවෙන් ගොඩක් හානි ගොඩ ආ නොහැකි බව පැවසූ විපක්ෂ නායකතුමා ඒ වෙනුවට නවීකරණය වූ ප්‍රශස්ත වැඩපිළිවෙළක් වැඩපිලිවෙලක් නිර්මාණය කළ යුතු යැයි ද පැවසීය.

තරුණ පරම්පරාව රාජ්‍ය පාලනයට දායක කර ගැනීම, සහභාගිත්ව ආණ්ඩු කරණය, තිරසාර දැක්මක් සහිතව ජාත්‍යන්තර සබඳතා පිළිබඳව ද ඒ මහතා සිය කතාවේදී කරුණු ගෙන හැර පෑවේය.