මේ රටේ තාරුණ්‍යයට නිවැරදි ආමන්ත්‍රනයක් නොකර, තාරුණ්‍යයේ අදහස් යටපත්කර, තාරුණ්‍ය නිහඬ කර මේ රට පාලනය කල නොහැකි බවත්, තාරුණ්‍ය මුලා කර රට පාලනය කිරීමේ විපාක වර්තමානයේ අත්විඳිමින් සිටින බවත් අද (4) පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පැවසීය.

2005 වසරේ මැතිවරණ ප්‍රකාශය තුල මේ රටේ රැකියාවක් නොමැති සියලු තරුණයන්ට රු1500ක දීමනාවක් ලබාදෙන බව මැතිවරණ පොරොන්දුවක් ලෙස පැවසුවත් එය කිසිසේත් යථාර්තයක් නොවූ බව හේෂා මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.

මේ රටේ තරුණයන් දේශපාලනය විසින් සෑම අවස්ථාවකම අවභාවිතා කල ඇති අතර නාමල් රාජපක්ෂ විසින් ගෙන එන ලද තාරුණ්‍යයට හෙටක්, නිල් බලකාය වැනි ව්‍යාපෘති දේශපාලන ව්‍යාපෘති පමණක් බවත් එම වැඩසටහන් කිසිසේත් තරුණයන්ගේ ප්‍රශ්න, උවමනා එපාකම් ඉටුකර නොමැති බවත් මෙහිදී අමාත්‍යවරයා අවධාරණයෙන් යුතුව පැවසීය.