නීපා වෛරසය වේගයෙන් ඉන්දියාව බංගලාදේශය, සිංගප්පූරුව හා පිලිපීනය යන රට ව්‍යාප්ත වන බවත් එය දැඩි අවදානමක් සහිත වෛරසයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර ඇති බවත් මෙම වෛරසයේ මරණ අනුපාතය සියයට 40ත් 75 අතර බැවින් මේ සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (22) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

එමෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිරත වූවන්ට ද මෙය මැඩපැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු කරන මෙන් ද විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේය.