අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාම සහ ආහාර අර්බුදය හේතුවෙන් පැන නගින ජනතා විරෝධය හමුවේ ආණ්ඩුවේ කොටස්කරුවන්ම ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ මෙහෙයවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් පවසයි.

ඔහු මෙසේද පැවසුවේය. ”අවුරුදු විස්සකටවත් හොලවන්න බැහැ කිව්ව් ගෝඨාභය රාජපක්‍ෂගේ ආණ්ඩුව අවුරුදු දෙකෙන්ම බිඳ වැටෙන්න පටන් අරන්. ගෝඨාභය ආවොත් රට බේරාගන්න බවට කයිවාරු ගහපු අයම දැන් ආණ්ඩුවට විරුද්ධව උද්ඝෝෂණ මෙහෙයවනවා.බඩු මිල ඉහල යෑම, ආහාර ද්‍රව්‍ය හිඟකම, පොහොර අර්බුදය, තේ නිෂ්පාදනය පහත වැටීම නිසා කම්කරුවන් පිඩාවට පත්වීම වැනි කරුණු නිසා පාලකයන්ගේ නොහැකියාව ජනතාවට වටහා ගැනීමට හැකි වී ඇතැයි පවසන පාර්ලිමේන්තු මන්ත්‍රී දිගම්බරම් වැඩි දුරටත් කියා සිටින්නේ ඉදිරියේදීවත් ජනතාවට බොරු පොරොන්දු නොදෙන්නට දේශපාලකයන් සිහි තබා ගත යුතු බවය.

”අපි ජනතාව පවා දී දේශපාලනය කරන්නේ නැහැ. ඒ නිසා තමයි, අපි විරුද්ධ පක්ෂෙම ඉන්නේ. 20 වැනි සංශෝධනයට ආණ්ඩුවට පක්ෂව ඡන්දය දීලා අපිට හොඳ වාහන ගන්න තිබුණා. කොහොමත් අපි මේ ආණ්ඩුව ඉක්මනින් ගෙදර යවනවා,” `යැයි ද කම්කරු ජාතික සංගමේ නායකයා සභාව හමුවේ අවධාරණය කළේ ය.