ජනාධිපති හා සමස්ත ආණ්ඩුව අසමත් වී ඇති හෙයින් පළාත් පාලන ඡන්දය කල් දැමු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසයි .

ඔහු වැඩි දුරටත් කියා සිටියේ පසුගිය යහපාලන ආණ්ඩු සමයේ පොදුජන පෙරමුණ එන ඒකාබද්ධ විපක්ෂය නිතරම චෝදනා කළේ මැතිවරණය කල් දමන බවයි .

එහෙත් ආණ්ඩු බලය ලබා ගත් පසු පොදුජන පෙරමුණු ආණ්ඩුවේ අසාර්ථකත්වය නිසා පළාත් පාලන ඡන්දය කල් දමා ඇති බව චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා කියා සිටියේය .

මේ අදහස් දැක්වූයේ අද මාධ්‍ය හමුවක් අමතමිනි .