මැතිවරණ කල් නොදා හැකි ඉක්මනින් ජනමතය විමසන ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුණිල් මහතා ආණ්ඩුවට අභියෝගය කරමින් සිටියේ ය.

ඔහු මේ අභියෝගය සිදු කළේ අද විපක්ෂ නායක කාර්‍යලයේ දීය .

වැඩි දුරටත් පැවසූ තුෂාර ඉදුණිල් මන්ත්‍රීවරයා,

“අද දවසේ පුවත්පත්වල ප්‍රධාන පුවත බවට පත්වෙන්නේ පුංචි ආණ්ඩුවේ කාලය වසරකින් දික් කරයි කියලා. පහුගිය අපේ ආණ්ඩුව තියෙන කාලයේ වර්තමාන ආණ්ඩුව විපක්ෂයේ රැඳිලා ඉන්නකොට කියපු ප්‍රධාන සටන් පාඨයක් තමයි වහා මැතිවරණයක් පවත්වන්න කියලා. එය කල් දමන්න එපා කිව්වා. තමන්ගේ ජනප්‍රියතාවය ජනතාව අතර කොයි මට්ටමකින් ද තියෙන්නෙ බලන්න ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක වගකීම තමයි නිසි කලට මැතිවරණ පැවැත්වීම.

ඒ ආකාරයට වැදි බණ දේශනා කරලා ආපු දේශපාලන පක්ෂයක් අද ප්‍රධාන සිරස්තලය බවට ගැසට් එකක් ගහලා පුංචි ආණ්ඩු කාලය වසර කින් දික් කරන්න. අපි අහන්නේ මැතිවරණ අවශ්‍යයි අවශ්‍යයි කියලා හඬ නගලා කරනම් ගහලා පිණුම් ගහල කියපු මේ ආණ්ඩුව ඇයි මේ පුංචි ඡන්දය වසරකින් දිගු කරන්නේ. එය කොරෝනා වසංගතය නිසා බලපාන කාරණයක් නෙමෙයි. එය ගමට සීමා වෙච්ච ඡන්දයක් ඇයි හදිසියේම මේ ආණ්ඩුව මැතිවරණ වලට බය වෙලා තියෙන්නෙ . මේ ආණ්ඩුවට අභියෝග කරනවා 69 ලක්ෂයේ ජනමතය මොන පැත්තෙද ඉන්නේ කියලා බලා ගන්න කරුණාකරලා මැතිවරණ කල් දාන්න එපා කියලා .පළාත් සභා මැතිවරණය තියන්න අවශ්‍යයි ඒ ගැන සාකච්ඡා කරන්න අවශ්‍යයි පුංචි ඡන්දය තියන්න ඕන කාලය ඇවිත් තිබෙනවා එම නිසා කරුණාකරලා පම්පෝරි ගහන ආණ්ඩුවට අපි කියනවා කරුණාකරලා මැතිවරණ තියන්න කියලා . ජනතාව හැසිරෙන්නේ මේ ආණ්ඩුවට ආශිර්වාද කරනවා ද නැද්ද කියන කාරණය මැතිවරණයක් තිබුනා නම් බලාගන්න පුළුවන්.මැතිවරණ තියන්න කියනවා විතරක් නෙමෙයි “