පාස්කු ප්‍රහාරයේ විමර්ශන පැවැත්වීම සම්බන්ධයෙන් මේ වන විට සමගි ජන බලවේගය පමණක් තමන්ට ලිඛිත දැනුම්දීමක් කොට ඇති බව කාදිනල් හිමියෝ පවසති.

උන්වහන්සේ පවසා සිටින්නේ පාස්කු ප්‍රහාරයෙන් පසු ආණ්ඩු දෙකක් බලයට පත් වුනත් ඒ කිසිම ආණ්ඩුවකින් නිවැරදිව පරීක්ෂණ පවත්වා නොමැති බවත් තවමත් ඒ පිළිබඳව කිසිඳු විනිවිදබවයක් නොමැති බවත්ය.

විපක්ෂයේ සිටි මන්ත්‍රීවරුන් දෙදෙනෙක් පාස්කු ප්‍රහාරය පිළිබඳව හඬ නැගූ නමුත් එම දෙදෙනාත් මේ වන විත7අ ආණ්ඩු පක්ෂයට ගොස් ඇති බවත් උන්වහන්සේ මෙහෙදී අවධාරණය කරයි.

ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ කියා සිටියේ මාලිමාවට තමන්ගෙන් හමුවීමක් ඉල්ලා ඇති නමුත් ලිඛිතව තමන්ට කීසිවක් දැනුම් දී නොමැති බවකි.