එන සදුදා දින (නොවැම්බර් 13) අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් එහිදී අයවැය හිඟය පියවා ගැනීමට රජය ගෙන එන සුපුරුදු ක්‍රියාමාර්ග බදු ගැසීම, ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ හෝ සේවා සම්බන්ධයෙන් අයකරන මුදල වැඩිකිරීම හා රටේ සංස්කෘතික හා එතිහාසික  සම්පත් විකුණා දැමීම නම් මෙම රජයට ඉදිරියට යෑමට සහ රට ඉදිරියට ගෙන යෑමට කිසිඳු නිර්මාණශීලි වැඩපිළිවෙලක් නැති බව මහාචර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (09) පැවති මාධ්‍ය හමුවකට සහබාගී වෙමින්.

ආණ්ඩුව සිකුරාදා දිනයේ මැතිවරණ නීති වෙනස් කිරීමේ පනත් කෙටුම්පත් 3ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බවත්, ‌ආණ්ඩුව මේ සැරසෙන්නේ මැතිවරණ කල් දැමීම සදහා කූඨ උපායක් දියත් කිරීමට බවත් මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා කීය.

නිදහස් ජනතා සභාවේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එත්වෙමින් ඒ මහතා මේ බව සදහන් කළේය.

එහිදී අදහස් දැක්වූ මහාචාර්ය ජී. එල් .පීරිස් මහතා මෙසේද කීය.

ලබන සදුදා දින පාර්ලිමේන්තුවට අයවැය ලේඛන ඉදිරිපත් කිරීමට නියමිතයි. එහිදී අයවැය හිගය පියවා ගැනීමට ආණ්ඩුව විසින් අසීමිත බදු පැනවීමට ක්‍රියාකරන්නේ නම්,එයට එරෙහි වනවා.

නුවරඑළිය තැපැල් කාර්යාලය වැනි පෞරාණික සම්පත් විකුණා දැමීමට එරෙහි වෙනවා.

මාර්ගගත ආරක්ෂණ පනතට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සංශෝධන 31 කතානායකවරයාට ඉදිරිපත් කර තියෙනවා.

සාමාන්‍ය ක්‍රමය අනුගමනය නොකර අණපනත් සැකසීමෙන් නීතියේ ගුණාත්මක භාවය අඩු වෙලා.

පොලිස්පතිතුමාගේ සේවා කාලය දිගු කිරීමේදී අවසාන සේවා දිගු අවස්ථා දෙක ව්‍යවස්ථා සභාව මගින් ප්‍රතික්ෂේප කරලා.

ජනාධිපතිවරයා දිගින් දිගටම ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශ කුණු කූඩයට දමා නැවත වාරයක් පොලිස්පතිවරයාට සේවා දිගුවක් ලබාදීලා.

ජනාධිපතිවරයාගේ අත්තනෝමතික පත්කිරීම් නීති විරෝධීයි. එසේ කරනවා නම් ව්‍යවස්ථා සභාවේ කිසිම ප්‍රයෝජනයක් නෑ.

මැතිවරණ නීති සංශෝධනය කිරීම සඳහා මෙම සතියේ සිකුරාදා පාර්ලිමේන්තුව පනත් තුනක් ඉදිරිපත් කිරීමට නියමිතයි.

මැතිවරණ නීති සංශෝධනය කරනවා නම් ජනවරමක් සහිත ආණ්ඩුවක් විසින් එය කළ යුතුයි.

ආණ්ඩුව මැතිවරණ නීති සංශෝධනය කරන්නේ සද්භාවයෙන් නොවේ. එය මැතිවරණ කල් දැමීමේ කූට උපක්‍රමයක්.

විදුලි බිල ගෙවා ගත නොහැකිව පවුල් ලක්ෂ 8 කට ආසන්න පවුල් ප්‍රමාණයක විදුලිය විසන්ධි කර තියෙනවා.

වර්තමාන රජයේ සියලුම අත්‍යවශ්‍ය සේවා කඩා වැටීලා. අධ්‍යාපනය සෞඛ්‍ය ඒ අතර ප්‍රමුඛස්ථානයක් ගන්නවා.

ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනයත් දැකගත නොහැකියි. එහි ඇත්තේ සංකෝචනයක්.

කර්මාන්ත අංශයේ රැකියා 120,00‍කට ආසන්න පිරිසකගේ අහිමි වෙලා.

වර්තමානයේ පැන නැගී ඇති ක්‍රිකට් ගැටළුව සඳහා දැනටමත් නඩු තින්දුවක් තිබෙනවා.