ඊයේ පාර්ලිමේන්තුවේ සම්මත වූ විදුලිබල පනත් සංශෝධනය ලංකාවේ ඛේදනීය ඉරණම පිළිබිඹු කරන මොහොතක්. මේ රටේ තරුණ පරම්පරාව රටෙන් දූෂණය අතුගා දමන්න ,හොරකම් කරපුවා අල්ලන්න හොරාකාපුව නැවත ගේන්න කියන මොහොතක පුනර්ජනණීය නංගිව පෙන්නලා දූෂිත අක්කාව ජනතාවගේ පිට දැම්මා.

විදුලිය කපන නිසා මිනිස්සු පෝලිම් වල ඉන්න නිසා කොහෙන් හරි ගෙනල්ල කරන්ට් එක දෙන්න පෝලිම් ටික නැති කරන්න කියලා ජනතාවගේ ඉල්ලීමක් තිබුණා.

ඒක පාවිච්චි කරලා මේ ව්‍යසනකාරී තත්ත්වය තුළ රටේ ජාතික සම්පත් මංකොල්ල කන්න ඉඩ දෙන්න බැහැ. අගමැති තුමා කිව්වා මේ ව්‍යාපෘති ආදානි ලාට දෙන්නෙ නැතිව නැවත ඉන්දියාවෙන් ණය ඉල්ලන්න බැහැ කියලා .ඒ කතා කරන්නේ හිඟාකන එකක් ගැන. ඒ නිසා නෙළුම් කුළුණ මත්තල ගුවන් තොටුපළ හම්බන්තොට වරාය සූරියවැව ක්‍රීඩාංගණය එවැනි මහා පරිමාණ ව්‍යාපෘති කිසිම කළමනාකරණයක් නැතුව කරලා අද රටට අත්වෙලා තියෙන ඉරණම මොකක්ද අවසානෙදි ඒ සියල්ල නිසා ණය ගෙවා ගන්න බැරුව default තත්වයට වැටිලා. ආර්ථිකය බංකොලොත් වෙලා .

පෝලිම් යුගයක්

ආණ්ඩුවේ කට්ටිය උත්සාහ කරා විපක්ෂයේ කට්ටිය ඩීසල් , ඉංජිනේරු මාෆියාවට යටවෙලා පනතට විරුද්ධ වෙන්න යනවා කියන්න.

මොකක්ද විපක්ෂය ඉල්ලුවේ පැහැදිලිවම කියන්න කැමතියි මේ ඉංජිනේරු මාෆියාවට විපක්ෂය යට වෙන්නේ නැහැ ඒ විතරක් නෙමෙයි විදුලිබල මන්ඩලයේ සේවකයෙක්ට අවුරුදු තුනකට සැරයක් පඩි වැඩි කිරීම සදහා ජනතාවගේ ඒක අය කරගන්න හෝ ලංකාවේ දේශීය සම්පත් විකුණලා ලැබෙන මුදල් අරගෙන ඒකෙන් වැඩි පඩි ගෙවන්න අපි එකග වෙන්නෙත් නෑ අපි කිව්වේ මොකක්ද mw 10ට අඩු එම ටෙන්ඩර් ඕන නෑ ඒකට අපි එකඟයි මොකද අපේ ගෙදර තමන්ගේ තියෙන වත්තේ හුලං මගින් විදුලිය ගන්න එකට තව කෙනෙකුට ටෙන්ඩර් දාන්න බැහැ අපිට ඒක තේරෙනවා නමුත් mw දහයට වැඩිය 100 අතරෙ ඒව අපි කිව්වේ 100ට වැඩි ඒවා ටෙන්ඩර් කිරීම හරහා පමණක් නෙමෙයි විදුලි බල මණ්ඩලය අනුමත කරලා පාර්ලිමේන්තුවේ අනුමැතිය ගන්න කියල ඒකෙදි හොරකම් කරන්න බෑ විනිවිදභාවයක් ඇතුව කරන්න වෙනවා හොරා කන්න තියෙන ඉඩ අහුරනවා මොකක්ද මේගොල්ලෝ කරේ ඇමතිතුමාගේ තක්කඩි කතා සහ ඒකටම හරියන අගමැති පත්වෙලා ඉන්නවා දහයෙන් එහා ඒවත් අපිත් එක්ක එකතු වෙලා ටෙන්ඩර් නැතුව දෙන්න යන්නේ .

මේ ලංකාවේ භූමියේ ප්‍රතිලාභ හිමි විය යුත්තේ ලංකාවේ ජනතාවට එතකොට ආදානී හෝ වෙනත් සමාගමක් mw 100ක 150ක ව්‍යාපෘතිය ලංකාවට ඇවිත් ලංකා භූමියට පතිත වන හිරු එළිය ඔවුන්ගේ ප්‍රාග්ධනය වශයෙන් පාවිච්චි කරලා ඒක අපිටම විකුනනවා ඒක මාර වැඩක් ඒකෙ rate එක කීයද ඒ නිසා පැහැදිලිව කියනවා පහුගිය දවස් වල අපි කාංචන විජේසේකර ඇමතිතුමා සක්‍රීයව වැඩ කරන එක ගැන විපක්ෂයක් විදියට බොහොම පැහැදීමෙන් හිටියා නමුත් ඊයෙ වැඩේ කැතයි ඒක ඓතිහාසික වැරැද්දක් මොකද හේතුව මේ ව්‍යසනකාරී තත්ත්වය තුළ අපි කල්පනා කරන්න ඕන නැවත නැවතත් දිගින් දිගටම හිඟමනේ යෑම නවත්තලා අපි කොහොමද ස්වයංව කකුල් දෙකෙන් හිට ගන්නේ කියලා. මේ ව්‍යසනකාරී තත්ත්වය පාවිච්චි කරලා රටේ ජාතික සම්පත් හොරා කන එක විවිධ රටවල් වලට හොරා කන්න දෙන එක කැතයි නින්දිතයි.මොකද ඒක හරියට ඉස්සර මහින්ද මහත්මයා යුද්ධය දිනුවා කියලා ජනතාව දෙවෙනි පාර ඡන්දය දුන්නා එතකොට මහින්ද මහත්තයා හිතුවා එයාට ඕන දෙයක් කරන්න පුළුවන් මේ රටේ අයිතිකාරය කියලා. ඒක අපි ඒ කාලේ හරියට කිව්වේ කැලේක අතරමං වුණු කාන්තාවක්ව බේරගත්ත කියලා බේරගත්ත මිනිහට දූෂණය කරන්න ඉඩ දෙන්න බෑ ඒ වගේ තමයි යුද්දය දීන්න කියලා හොරකම් කරන්න ඉඩ දෙන්න බැහැ. ඒ වගේම තමයි පුණර්ජනීය ශක්තිය අවශ්‍යයි ඒකෙ තමයි මේ පුනර්ජනනිය බලශක්ති අර්බුදයට විසඳුමක් හොයාගන්න පුළුවන් වෙන්නේ එහෙම කියලා ඒවා හොරකම් කරන්න ඉඩ දෙන්න බෑ ඒ නිසා මේ වැරැද්ද අපි පැහැදිලිවම කියන්න කැමතියි මේ හරහා හොරා කන්න පාර දුන්නොත් එකේ තේරුම මේ අරගලය කරන ජනතාවගේ ඉල්ලීම් වලට පිටු පානවා සමහර අය හිතාගෙන ඉන්නවා ගෝල්ෆේස් එකේ සෙනඟ අඩු උනාම අරගලය ඉවරයි කියලා අරගලයෙක් ආපු අරමුණ අඅරගලය ඉල්ලපු දේවල් සමහර දේශපාලනඥයන්ට අමතක වෙලා.

මතක තියාගන්න ගෝල්ෆේස් එකේ සෙනග අඩු වෙන්න පුලුවන් නමුත් අරගලයේ අදහස් ටික ජන මනස තුල තවදුරටත් වර්ධනය වෙමින් පවතිනවා.

ඒ නිසා ජනතාව ඉල්ලන දේවල් වලට පිටුපානවා නම් හොරා කන්න එපා කාපුවා ගේන්න කියලා කියන වෙලාවක නැවතත් හොරා කන්න පාර කපනවා නං අපි කියනවා ඊළඟ රැල්ල එන්නේ සුනාමි දෙකට වඩා දරුණුවට සියල්ලට මුහුණදෙන්න සිදුවේවි මේ වෙලාවේ ජනතාව විදින පීඩනය දුක විවිධාකාර අපහසුතාවයන් අනවශ්‍ය විදිහට පාවිච්චි කරලා නැවත නැවතත් මේ මාතෘභූමිය දූෂණයකට ලක් කරන්න උත්සාහ කරනවා නම් එකේ ප්‍රතිපල ඒ අයට ලැබෙයි .

අද අපි අවුරුදු 70ක දේශපාලනය තුළ බිම දිගේ ඇදගෙන යන තත්ත්වයට පත් වෙලා තියෙන්නේ වෙන මුකුත් නිසා නෙමෙයි යථාර්ථය මොකක්ද කියලා තේරුම් ගත්තේ නැති නිසා.

බැසිල් රාජපක්ෂගේ ගෝලයෝ රොත්ත තමයි 69 ලක්ෂයක් හරහා පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්නේ ඔළුගෙඩි සෙල්ලම් වලින් තමයි මේ කුපාඩි වැඩ ටික සේරම කරන්නේ එතකොට බැසිල් රාජපක්ෂ අයිං වුණා කියලා එකපාරම ඕක නැති වෙන්නේ නෑ හැබැයි බැසිල් රාජපක්ෂගේ ගෝලයෝ මම දැක්ක විදිහට තුෂ්නිම්බූත වෙලා ඉන්නේ ලොක්කා පාර්ලිමේන්තුවේ නෑ මොකද අපිට වෙන්නේ තව දුරටත් බැසිල් රාජපක්ෂ කියන්නේ රට තුළ ජනප්‍රිය චරිතයක් නෙමෙයි තවදුරටත් ජනවරම හිමි වන චරිතයක් නෙමෙයි ඔහු පෙන්වපු මායාවල් තුළ මොල හතක් තියෙනවා හරම කරන්න පුළුවන් මෙහෙම කරන්න පුළුවන් මොල හතක්ද බූරුවෙක් ද කියන්න මම දන්නෙ නැහැ රටේ ජනමතය මොකක්ද කියන එක තේරෙනවා ඒ නිසා ඒ අයගේ දේශපාලන අනාගතය ගැන කල්පනා කරන බවක් පේනවා බැසිල් රාජපක්ෂ කියන්න තවදුරටත් මේ රටේ දේශපාලනය අක්‍රිය වෙමින් දිය වෙමින් යන චරිතයක් නමුත් බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුවේන් එලියට ඇවිත් ඊයේ දුන්න පොරටෝක් ටික දෙන්න කිසිම අයිතියක් නෑ බැසිල් රාජපක්ෂට දේශපාලනය කරන්න පුළුවන් හැබැයි ඒ අයට හිමිවිය යුතු තැන අනාගතයේ දී අපි ලබා දිය යුතුයි.

දැන් ජනතාවට තෙල් නැහැ ගෑස් නැහැ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය යන බෙහෙත් නෑ හැබැයි කඳුළු ගෑස් වලට ඇතිවෙන්න බඩු තියෙනවා ඔය මර්දනකාරී ප්‍රතිපත්තියෙන් ගිහිල්ලා මේක ඉවර කරන්න බැහැ ඒක තේරුම් ගන්න මේ මර්දනකාරී ප්‍රතිපත්තියෙන් ගිහින් තමයි මේගොල්ලෝ ඉල්ලගෙන කෑවේ මොකක්ද වුණේ මහින්ද රාජපක්ෂ අගමැති කමෙන් අයින් වෙන්න වුණා ඇමති මණ්ඩලයට ඉල්ලා අස්වෙන්න වුණා. පුරාජේරු දොඩාපු තුනෙන් දෙකක් නැති වුණා බැසිල් රාජපක්ෂට මුදල් ඇමතිකමෙන් අයින්වෙන්න වුණා පාර්ලිමේන්තුවෙන් අයින් වෙන්න උනා. කබ්රාල්ට මහ බැංකු අධිපති කමෙන් අයින් වෙන්න වුණා. බයේ හැංගිලා ඉන්න වුණා නමුත් තවම පාඩම් ඉගෙන ගෙන නෑ ඒ නිසා තමයි මෙය මර්දන කාරී ප්‍රතිපත්තිය අනුගමනය කරන්නේ මම හිතනවා ජනතාව හැමදාම පාරට බහින්නේ නෑ 09 වෙනිදා හිතාගන්න බැරි වුණා ජනතාව නැවත වතාවක් මීට වඩා දරුණු විදිහට එයි කියන එක තමයි මගේ අදහස.