වත්මන් රාජපක්ෂ ආණ්ඩුව බලයට පත්වීමට පාවිච්චි කළ උපායමාර්ගික ක්‍රියාවලිය මේ වන විට ඔවුන්ට පාරාවළල්ලක් වී ඇති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසුවේය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (11) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මේ ආණ්ඩුව පැමිණියේම බෝම්බ පුපුරුවා ගෙන වන අතර එය අද බරපතල ලෙස ඔවුන්ටම විඳවීමට සිදුව ඇති බවයි අත්තනායක මහතා කියා සිටියේ.

මේ වන විට නිවෙස්වල ගෑස් සිලින්ඩර පුපුරා යාම,පොහොර ටැංකි පුපුරා යාම සිදුවෙමින් තිබෙන බවත් පවතින තත්ත්වය අනුව බලයට පැමිණි අයුරින්ම නැවත ගෙදර යාමට ආණ්ඩුවට සිදුවනු ඇති බවත් හෙතෙම සඳහන් කරන ලදී.