අයවැය ආණ්ඩුව 2/3 අරන් සම්මත කල උදම් වුනාට වැඩක් නැති බවත් ආණ්ඩුවේ ඇමතිවරු හා මන්ත්‍රීවරුන් ගමට ගිහින් පෙන්වන ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලීප් වෙදආරච්චි මහතා අභියෝග කරමින් කියා සිටියේය .

ඔහු කියා සිටියේ පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුව ඔලු ගෙඩි වලින් බලය පෙන්වූවත් පුලුවන් නම් ඡන්දයක් පවත්වා ගමේ බලය බලන ලෙසයි . එහිදී ගමේ බලය ආණ්ඩුවට පෙන්වා දෙන වගද මන්ත්‍රීවරයා කියා සිටියේ ය.

ඔහු තව දුරටත් කියා සිටියේ අයවැය මගින් ගමේ පාරවල් සකස් කිරීමට කෝටි 500ක් ලබා දී ඇත්තේ පොහොට්ටුවේ ප්‍රදේශිය නායකයන් පෝෂණය කිරීමට බවද පවසා සිටියේය .

මන්ත්‍රීවරයා මෙම අදහස් දැක්වූයේ කොළඹ දී අද (11)පැවති මාධ්‍ය හමුවෙක දීය .