ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරිම ව්‍යවස්ථා විරෝධි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පවසයි .

අශෝක් අබේසිංහ මන්ත්‍රීවරයා කියා සිටියේ ,

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති විසින් ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් හරහා රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස පත් කළේ හුස්ම ගන්න බැරිව ගෙදර යන්න සිටී රාජපක්ෂවරුන්ට නැවත හුස්ම ගැනිමට අවස්ථාව ලබා දීමට බවයි .

ජනතාවගෙන් ප්‍රතික්ෂේප වී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කිරීම ව්‍යවස්ථා විරෝධි බව ද, අශෝක් අබේසිංහ මහතා කියා සිටියේය .

ජනාධිපතිවරයාට අගමැති ලෙස පත් කර හැක්කේ පාර්ලිමේන්තුවේ වැඩි බහුතර කැමැත්තක් ඇති මන්ත්‍රීවරයෙකු බව ද, පාර්ලිමේන්තුවේ වැඩි බහුතර කැමැත්තක් ඇත්තේ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට බව ද, අශෝක් අබේසිංහ මන්ත්‍රීවරයා කියා සිටියේය .

ඔහු කියා සිටියේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවකට සමගි ජන බලවේගයේ කිසිම මන්ත්‍රීවරයෙක් සම්බන්ධ නොවන බවයි .

රනිල් වික්‍රමසිංහ මහතාට අවශ්‍ය වි ඇත්තේ 6 වැනි වරටත් අගමැති වීම පමණක් බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියන ඕනෑම දෙයක් කිරිමට ඔහු සුදානම් බව ද, අශෝක් අබේසිංහ මහතා කියා සිටියේය .

කොන්දේසි වලට එකග නම් සජිත් ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍ය ධුරය ලබා ගැනිමට සුදානම් බව ජනාධිපතිවරයාට දැන්වු බවත් එය නොසලකා ජනාධිපති කටයුතු කළ ඇති බව ද, මන්ත්‍රීවරයා කියා සිටියේය .

කිසිතෙක් ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග සම්බන්ධ නොවන බව ද, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පැවසීය .

සටහන – CJ