ජනතා පරමාධිපත්‍යට පයින් ගසා ආණ්ඩු කරන්න එකතු නොවන බවත් මේ මොහොතේ උද්ගතවී තිබෙන අරගලයේ ඉල්ලීම් වලට රාජපක්ෂ රනිල් ආණ්ඩුව විසඳුමක් නොවන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි .

ඔහු වැඩි දුරටත් දක්වා ඇත්තේ ,

දිනෙන් දින ඇතිවන ව්‍යාකූල දේශපාලන මතිමතාන්තර නිසා අද රට අඳුරු අඝාදයකට ඇද වැටී ඇති බව නොරහසකි. නිදහස් අරගලය ඇතිවන්නේ උසුලා ගත නොහැකි ජන පීඩනය නිසාය.නිසි විසඳුම් ජනතාවට ලබාදීම වෙනුවට ආණ්ඩුව කලේ අරගලය වනසන්න තවත් අරගලයක් නිර්මාණය කිරීමකි.එයින් සිදු වුයේ රටම පැය කිහිපයකින් විනාශවීමය. තවමත් රට හරි මඟකට ගන්න බැරි වී ඇත. මා මෙය හදුන්වන්නේ මැදමුලන තියරිය ලෙසය.

අප විපක්ෂය ලෙස මුල සිටම අපට වැඩපිළිවෙලක් ඇති බව පවසා ඇත.අපි ඩීල් දේශපාලන රාමුවෙන් ආණ්ඩු කිරීම තරයේ ප්‍රතික්ෂේප කල කණ්ඩායමකි.

අරගලයේ සංකේතය ගෝල්ෆේස් වුවාට සැබෑ අරගලය ඇත්තේ දුපත් මිනිහගේ,කුඩා ව්‍යාපාරිකයාගේ සහ සමස්ථ සාමාන්‍ය රට වැසියාගේ කුස තුලය.එයට අපි පිළියම් සෙවිය යුතුය.ඒ සා වැඩපිළිවෙල අප සතුව ඇත.


රට ගිනි ගොඩක් බවට පත් කරමින් ඇතැම් දුෂිත පලකයිනේ මහා පරිමාණ වංචා වසාගැනීම වෙනුවෙන් සිදුකරන ඩීල් දේශපාලන ක්‍රියාවන් අප තරයේ හෙලා දකිමු. රටේ පීඩිත ජනතාව අරගල කරමින් ඉල්ලා සිටියේ මෙබඳු වෙනසක් නොවේ.ජනතාව හඬ නගන ගෝඨා ගෝ ගොම් අරගයලට පිළිතුරුදීම අපගේ වගකීමයි.