පාස්කු ප්‍රහාරයේ නව තොරතුරු අනුව ජනාධිපතිවරයා වශයෙන් අවංකව ක්‍රියා කරන ලෙසත්, තවදුරටත් කමිටු පත්කිරීම ඵල රහිත බවත් සදහන් කරමින් සමගි ජන බලවේගයේ මොරටුව නගර සභා මන්ත්‍රීණී නීතිඥ ලිහිණි ප්‍රනාන්දු Twitter සටහනක් තබමින් සදහන් කර තිබෙනවා.

ඒ channel 4 නාලිකාව එල්ල කරන චෝදනා විමර්ශනය කිරීම සඳහා විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇති බවට News wire වෙබ් අඩවියේ පළකර තිබූ ප්‍රවෘත්තියක් උපුටා ගනිමින්.

අදාළ Twitter පණිවිඩය මෙතනින්.

Lihini Fernando

එතුමිය මෙම Twitter පණිවිඩය හරහා වද්කිදුරටත් කියා සිටින්නේ ජාත්‍යන්තර පරීක්‍ෂණයකට නියෝග කිරීමේ සියලු බලතල ජනාධිපතිවරයාට ඇති බවත් අපරාධකරුවන් ආරක්ෂා කිරීම දිගටම කරගෙන යා හැකි නමුත් එසේ කිරීම මගින් සිදුවන්නේ ඔබේම වලක් හාරා ඔවුන් සමඟ ඔබම ගිලී මිය යාම පමණක් බවයි.