වත්මන් අයවැය යථාර්තයක් නොවන බවත් එය සුරඟන කතා රාශියක එකතුවක් බවත් ඊයේ (30) රාත්‍රියේ පැවති රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂණ විරෝධී බලවේගයේ කැඳවුම්කරු මුජිබර් රහ්මන් මහතා පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යංශ මාධ්‍ය ප්‍රකාශක චමින්ද කරුණාරත්න විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයට අනුව මේ වන විට රජයේ රෝහල් 40ක් වැසී තිබෙන බවත් තවත් රෝහල් 100ක් වැසීමට නියමිතව තිබෙන බවත් සදහන් වන බව මෙහිදී මන්ත්‍රීවරයා අවධාරණයා කර සිටියා.

වෛද්‍යවරුන් විදේශගතවීම, විශ්‍රාම යෑම, ස්ථානමාරුවීම් ලබාගැනීම අධී ගැටළු මෙම රෝහල් වැසීයාමට හේතු වී ඇති බවයි මෙහිදි සඳහන් කළේ.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තිබෙන ඖෂධ ගැටලුව, උපකරණ හිඟය, වෛද්‍යවරුන් රට අතහැරයාම ආදී ගැටලු පිළිබඳව වසර ගණනාවක් තිස්සේ හඬ නැගුවත් ජනාධිපතිවරයා ඒ පිළිබඳව කිසිඳු තැකීමක් නොකළ බව මුජිබර් රහ්මන් මහතා පැවසීය.

රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය මේ ආකාරයෙන් තිබියදී නව පාරවල් හදන්න, ගුවන්තොටුපොළවල් හදන්න, තිබෙන විශ්වවිද්‍යාල වල කිසිඳු පහසුකමක් නොමැතිව තිබියදී නව විශ්වවිද්‍යාල හදන්න මුදල් වෙන් කර තිබෙන බවත් මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.