කිසිම අවස්ථාවක තමා IMF එක සමඟ සාකච්ඡාවක් ඉල්ලා නොමැති බවත් ඒ පිළිබඳව රට තුල වරදී මතයක් නිර්මාණය වී ඇති බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.

ඔහු වැඩිදුරටත් අවධාරණය කරමින් කියා සිටියේ රනිල් වික්‍රමසිංහට ජනාධිපති ධූරයේ සිටීමට තිබෙන්නේ තව සුළු කාලයක් නිසාත්, ජාත්‍යන්තර ණය හිමියන් සමඟ ශ්‍රී ලංකා රජය සිදුකරන සාකච්ඡා සහ එකඟතා අසාර්ථක වුවහොත් රට නැවතත් බංකොලොත් තත්වයකට පත්වන නිසාත් ජාත්‍යන්තර ණය හිමියන් සමඟ සාකච්ඡා පිකලයුතු බවයි.

මේ මොහොතේ වත්මන් ජනාධිපති සහ රජය ජාත්‍යන්තර ණය හිමියන් සමඟ එළඹෙන එකඟතා, තව මාස කිහිපයකින් පත්වන රජයක් විසින් ඉදිරියටත් ක්‍රියාත්මක කලයුතු වන බැවින් එම එකඟතා පිළිබඳව විපක්ෂයේ පාර්ශවයන් දැනුවත් කිරීම ඉතාව වැදගත් බවත් මේ පිළිබඳව පාර්ලිමේන්තුව තුලදී ජනාධිපතිවරයාගේ මුහුණටම ප්‍රකාශ කල බවත් හර්ෂ ද සිල්වා මහතා පවසයි.