වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය ජී. ජී. චමල් සංජීව මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නැවත වතාවක් පැමිණිල්ලක් ගොනුකර තිබෙනවා. ඒ ඖෂධ නියාමන අධිකාරියේ විධායක අධ්‍යක්ෂකවරයා විසින් පසුගිය සැප්තැම්බර් මස 17 වන දින  මානවහිමිකම් කොමිසමට යොමුකළ ලිපියක් සම්බන්ධවයි.

ඖෂධ නියාමන අධිකාරියේ ව්‍යවස්ථාවට අනුව එහි 129 වගන්තිය උපයෝගී කරගනිමින් විධායක අධ්‍යක්ෂකවරයා මානව හිමිකම් කොමිසමට මෙම ලිපිය යොමුකර තිබෙන අතර චමල් සංජිව මහතා සඳහන් කරන්නේ මෙම වගන්තිය විශේෂ අවස්ථා සඳහා පමණක් බාවිතා කලයුතු වගන්තියක් බවයි.