රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ වර්තමාන රජය ක්‍රියාත්මක කරන මහජන මර්ධනකාරී, ජන පීඩිත මර්දනය හෙලා දකින බව අද (4) දින විපක්ෂ නායක කාර්යාලයේ පැවති සර්ව පාක්ෂික එකමුතුවේ මාධ්‍ය හමුවට සහභාගි වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

ඒ පිලිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා.

වර්තමාන රජය ක්‍රියාත්මක කරන මහජන මර්ධනකාරී ජන පීඩිත මර්දනය හෙලා දකිනවා වගේම මේ රටේ ජනතාවගේ සිවිල් පුරවැසි අයිතිය, මානව අයිතිය, ජීවත්වීමේ අයිතිය උල්ලංඝනය කරමින් මේ කරන්නාවූ ජනතා විරෝධී ක්‍රියාදාමයට විරුද්ධත්වය ප්‍රකාශ කරනවා පමණක් නෙමෙයි ජනඝාතක ක්‍රියාවලියන් වලින් ඉවත්වෙලා රටේ ජනතාවගේ මානව අයිතිවාසිකම් ආරක්ෂා වන ආකාරයට හැසිරෙන්න කියන පණිවිඩය ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට අපි ලබා දෙනවා.

මේ රටේ පොදු ජනතාවට සැබෑ අයිතියක් තියෙනවා තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ක්‍රියාත්මක කරන්න. තමන් සිතන මතයක තමන් විශ්වාස කරන දේශපාලන ගමනක නිදහස්ව නිවහල්ව රැස්වෙන්න උද්ඝෝෂණය කරන්න පාදයාත්‍රා යන්න ප්‍රචණ්ඩත්වයෙන් තොර ව ඒ නිදහස් නිවහල් අයිතිය ක්‍රියාත්මක කිරීමේ වරප්‍රසාදය මේ රටේ ලක්ෂ 220කට අධික වූ ජනතාව තුළ තිබෙනවා එය කිසිම කෙනෙකුට උල්ලංඝනය කරන්නට බැහැ. නමුත් අද වෙනවිට බියකරු භීෂණකාරී රාජ්‍ය මිලේච්ඡත්වයත් ත්‍රස්තවාදයත් ක්‍රියාත්මක වන ආකාරයට මේ රජය තමන්ගේ කටයුතු ක්‍රියාත්මක කරනවා එය කිසිසේත්ම අනුමත කරන්න බැහැ.ප්‍රජාතන්ත්‍රවාදය අගයක් කරන විපක්ෂයේ එකමුතුවක් හැටියට අපි මෙය තරයේ හෙලා දකිනවා. අපි කොන්දේසි විරහිතව ඒ පීඩනයට ලක්වන සිවිල් පුරවැසියන්,වෘත්තීය සමිති නායකයන් වෙනුවෙන් පොදු ජන මතය හොබවන ජනතාව වෙනුවෙන් ඒ අයගේ ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් සටන් වදින සාමකාමී විරෝධතා කරුවන් වෙනුවෙන් අපි කොන්දේසි විරහිතව පෙනී සිටිනවා.

අද මුළු රටම හැමදෙනාම අවස්ථාවාදීවත්යෙන් තොරව එකමුතු විය යුතු අවස්ථාවක් මේ එකමුතුව අපි ක්‍රියාත්මක කරන්න ඕන. රටේ ජනතාවට වරදාන වරප්‍රසාද ලබාදීමට මිස අපට වරදාන වරප්‍රසාද ලබා ගැනීම තුළ නොවෙයි අපි තාවකාලිකව භාරකරුවන් කාලික ජනතා සේවකයින් ජනතාව තමයි ඒ ජනතා සේවය කිරීමේ බලපත්‍රය අලුත් කරනවද නිෂ්ප්‍රභා කරන ප්‍රතික්ෂේප කරනවා ද කියන තීන්දුව ගන්නේ ඒ නිසා අපිට වටින්නේ ජනතාවයි අයිතිය ජනතා පැතුම ජනතා අදහස ඒ නිසාම මර්දනය බැහැර වෙන්න කියලා අපි මේ රජයට කියනවා ජනමතයට ඔච්චර බය වෙන්න එපා ජන ඒකරාශි බියගුලුව කටයුතු කරන්න එපා ජනතාව අතරට එන්න ජනතාවගේ දුක සැප හොයල බලන්න එවිට ජනතාවට තේරෙයි ඒ අයගේ මතය නියෝජනය කරන්නන් තමයි මේ ව්‍යවස්ථාදායකයත් විධායකයත් නියෝජනය කරමින් සිටින්නේ. එසේ නොමැතිව ජනතාවගෙන් බැහැර වෙලා තමන්ගේ ආරක්ෂාව සපුරන මහා ආරක්ෂක පවුරකින් හුදකලා වෙලා හිතන්න එපා බෝම්බයෙන් බයිනෙත්තුවෙන් කඩුවෙන් රටේ ජනතාව හසුරුවන්න පුළුවන් කියලා එහෙම හිතනවනම් ඒ සිතිවිල්ල වහා ඉල්ලා අස්කර ගන්න අපි සූදානම් මේ මර්දනයට භීෂණයට විරුද්ධව ප්‍රජාතන්ත්‍රවාදය නිදහස් නිවහල් සාමකාමී ප්‍රචණ්ඩත්වයෙන් තොර මහජන ව්‍යාපාරයකට අපි ප්‍රවේශ වෙනවා මේ රජය මේ හිංසනයෙන් බැහැර නොවුනොත්.