මේ දින වල මහා බැංකුව පිළිබඳව සමාජයේ කතාබහක් ඇතිවී තිබෙන බවත් රටේ උගතුන් කියාගත්, ආර්ථික විශේෂඥයින් කියන පිරිස, සදාචාරයෙන් පිට ගිහින් ජනතා බදු මුදල් අවභාවිතා කරන බවත් රටේ මෙවැනි ආර්ථික අර්බුදයක් තිබෙන මොහොතක විශ්වාසය තැබිය යුතුම ආයතනය වන මහා බැංකුව මිනිස්සුන්ගේ බදු මුදල් හූරගෙන කන මොහොතක වන සතුන් ගැන කුමක් කතා කල යුතුද යන්නෙන් රෝහිණී කවිරත්න මහත්මිය පාර්ලිමේන්තුවේදී මතුකළේය.

කවිරත්න මහත්මිය කියා සිටියේ වෙනත් රටවල් වල ඉතාමත් තෘප්තිමත් ජිවිතයක් ගතකරන ගොවීන් අපේ රටේ ඉතාමත් දුක්ඛිත ජීවිතයක් ගතකරන බවත් කාලයක් නියඟය නිසාත්, කාලයක් ගංවතුර නිසාත් තවත් මිහොතක වන සත්තුන්ගෙන් අත්වන කරදර නිසාත් පිඩාවට පත්වන බවත්ය.

එතුමිය වැඩිදුරටත් අවධාරණය කරමින් කියා සිටියේ මෙම ගැටලුකාරී තත්වය ක්‍රමානුකුලව කළමනාකරණය කිරීමට රජයට වගකීමක් ඇති බවත් එක අතකින් ගොවියා බේරාගැනීමට වැඩපිළිවෙලක් සකස් කරන අතරම ජෛව විවිදත්වය හා වන සතුන් බේරාගැනීමට මේ හරහා රජය සැලසුම් සකස් කල යුතු බවයි.